මීගමුව නගරාධිපති දේශපාලනයෙන් සමුගනියිද..???

0
54

මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවිර මහතා සිය දේශපාලන ජිවිතය තුල අර්බුදයකට පත්ව ඇති බව අප අවස්ථා කිපයකදිම වාර්ථා කළෙමු.
ඒ ඔහුගේ තනතුර වසර 2 කකට පසුව ලබාගැනිම සදහා සංවිධානත්මක වැඩපිළිවෙලක් මේ වන විට මීගමුව තුල ක්‍රියාත්මකව ඇති බැවිනි.
ඇමති නිමල් ලංසාගේ සොහොයුරු දයාන් ලංසා  නගරාධිපතිධුරයට කෙසේ හෝ ඉදිරි කාලයේ පත්වන බවට තැන තැන කියා ඇවිදින බවද සැලය.
මේ පසුබිම තුල ඇන්ටන් ජයවීර මහතා ඉදිරියේදි දේශපාලනයෙන් සමුගැනිමට යන බවට තොරතුරක් මීපුරට වාර්ථා වි ඇත.
තවත් වසරකින් පසු තමන්ගේ දශක තුනක් ඉක්මවු දේශපාලන ගමන් මගට තිත තබන්නට යන බව වැඩිදුරටත් එම ආරංචි මාර්ග සදහන් කර සිටි.
එහෙත් 2013 ඔක් 12 වනදා පැවති දෙවර්ෂ පුර්ණ සමරු රැස්විමේදි ඔහු අවධාරණය කර තිබුනේ මොනතරම් බාධා පැමිණියත් ඉදිරි වසර 2 ක ද තමන් නගරාධිපතිධුරයේ කටයුතු කරන බවය.
එමෙන්ම මෙම අවස්ථාවට සහභාගිව සිටි මීගමුව ආසන සංවිධායක නියෝජ්‍ය අැමති සරත් ගුණරත්න මහතා විසින් සිදුකළ කථාව පිළිබදවද මීගමුවේ දේශපාලන ක්ෂ්‍රෙත්‍රය තුල වැඩිපුර කථාවෙන්නට පටන් ගෙන තිබේ.
කිසිවෙකුත් සිය ධුරයෙන් හිසඋදුම්මවා නොගත යුතු බවට ප්‍රකාශයක් ඔහු ඊයේ පැවැති උත්සවයේදි  කර තිබුණි.
එසේ වන්නේ නම් එවැනි පුද්ගලයන්ගේ මළමිනියට පවා මිනිසුන්  බුහුමන් නොදක්වනු ඇතැයි හේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.
මේ වාග් ප්‍රහාරය කව්රුන් අරමුණු කරගෙන සිදුකළේද යන්න අපැහැදිලි වුවද එහි සිටි ඇමති නිමල් ලංසා මේ උත්සවය අවසන් වනතුරු නොසිටි කලින් ම ගිය බවද වාර්ථා විය.NMC 1