මීගමුව නගරාධිපති මානව හිමිකම් කොමිෂම හමුවට….

0
70

NGB mayorමීගමුව වරිපනම් බදුගෙවන්නන්ගේ  සංගමය විසින් මීගමුව මහ නගර සභාව විසින් සිදුකර ඇති බදු වැඩිකිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. මෙම පැමිණිල්ල විභාගයට ගනිමින් මානව හිමිකම් කොමිසම විසින් 2015-07-13 වන දිනගෙන ඇති  තීරණ වලට අනුව අගෝස්තු මස පැවැත්වෙන  විභාගය සදහා  මීගමුව නගරාධිපතිවරයාට සහ  නාගරික කොමසාරිස්වරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.එමෙන්ම
2014 වසරට ඉදිරිපත් කර ඇති  නව තක්සේරුව අවිනිශ්චිත මෙන්ම වරිපනම් බදු  අයකිරීම ද  අවිනිශ්චිත බව ප්‍රකාශ කර ඇති අතර නගරාධිපතිවරයා ඇතුළු සියලූම මන්ත්‍රීවරුන්ගේ 2013 ,2014 වරිපනම් බදු වාර්තා ඉදිරිපත් කරන ලෙස ද දන්වා ඇත.
මානව හිමිකම් කොමිෂම වෙත කළ මෙම පැමිණිල්ල විභාගය සදහා බදුගෙවන්නන්ගේ සංගමය වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් ප්‍රනාන්දු මහතා පෙනී සිටිය අතර මීගමුව වරිපනම් බදුගෙවන්නන්ගේ සංගමය වෙනුවෙන් ලේකම් ෂෙල්ටන් ප්‍රනාන්දු, සම්බන්ධීකරණ ලේකම් නිහාල් ප්‍රනාන්දු, ලයනල් මාකස් ප්‍රනාන්දු ,යන අය සහභාගිවි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here