නගරාධිපතිධූරයට වසර 3ක් පිරීම වෙනුවෙන් ශීෂ්‍යත්ව ආධාර පිරිනමයි

0
117

මීගමුව නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා නගරාධිපතිධූරයේ  දිවුරුම් දී වසර තුනක් පිරීම නිමිත්තෙන්  අද (ඔක්_28)  විශේෂ වැඩසටහනක් මීගමුව නගර සභා ශාලාවේදී පැවැත්විණි.
ඔහුගේ සංකල්පයක් වන ‘ උගතමනා ශිල්පයමයි මතු රැකෙනා ‘තේමාව යටතේ තෙවන වරටත් මීගමුව නගර සභා බල ප්‍රදේශයේ සාමන්‍ය පෙල සමත් පාසල් ලමුන් 137 දෙනෙකු සදහා රුපියල් 10000 බැගින්  ශිෂ්‍යත්වයක් පිරිනැමූ අතර ලබන වසරේදි රුපියල් 15000 බැගින් ලබා දෙන බව ද පොරොන්දු විය. ඒමෙන්ම  මීගමුව නගර සභා බල ප්‍රදේශය තුල  දහම් පසල් 36ක්  සදහා රුපියල් 15000 බැගින් වු මුදල් ත්‍යාග බෙදා දෙන ලදි.  එයද ලබන වසරේදි 25000 දක්වා වැඩිකරන බව නගරාධිපති තුමා සදහන් කලේය.
මෙම අවස්ථාවට  ආගමික නායකයින් මීගමුව නගර සභාවේ, නගරාධිපති තුමා වන ඇන්ටනි ජයවීර මැතිතුමාද  ද නාගරීක  කොමසාරිස් හා  උප නගරාධිපති තුමා වන සකාවුල්ලා මැතිතුමා  හා විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මැතිතුමා  ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහභාගි විය.IMG_9730IMG_9722IMG_9738newසටහන සහ ඡායා දිල්ශාන් ක්‍රිෂාන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here