මීගමුව නවලෝක රෝහල කොරෝනා වැළදුන කාර්ය මණ්ඩල විස්තර සඟවනවාද ???

0
739

මීගමුව නවලෝක රෝහල කොරෝනා වැළදුන සිය කාර්යමණ්ඩල සාමාජිකයන් ගැන විස්තර නිවරදි ලෙසින් සෞඛ්‍ය බලධාරින් වෙත ලබාදි ඇතිදැයි යන්න පිළිබදව මේ වන විට යම් කසුුකුසුවක් මතුව තිබේ.
එයට හේතුව වි ඇත්තේ දැනට ප්‍රසිද්ධියට පත්ව ඇති කොරෝනා ආසාදිත වු කාර්ය මණ්ඩල සමාජිකයන් 4 දෙනාට අමතරව තවත් ආසාදිතයන් ඇති බවට පැතිර යමින් ඇති විස්තර නිසාය.
එමෙන්ම මිට පෙර මිගමුවේ ඇතැම් පුද්ගලික රෝහල්වලදි එක් කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගත් විටදි පවා එකි රෝහල් දින කිපයක් පුරාවට වසා දැමිමට අදාල රෝහල් බලධාරින් හා සෞඛ්‍ය බලධාරින් කටයුතු කර තිබුණද මිගමුව නව ලෝක රෝහලට අදාලව ඒ නිතිය ක්‍රියාත්මක නොවුවේ ඇයිදැයි යන්න පවා ගැටළු සහගතය.
මිගමුව නවලෝක රෝහල පිහිටි කලාපය භාරව ඇත්තේ මංජුල නැමැති මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට බවද වාර්තා වේ