මීගමුව නාගරික මන්ත්‍රිලාගේ ඇක්සයිස් පොත් දේශපාලනය..

0
70

books

මීගමුව මහනගර සභාවේ බදුමුදල් වලින්  පොදු සංවර්ධන ප්‍රතිලාභ සදහා ප්‍රධාන අවධානයක් යොමුකලයුතුව තිබුනද මන්ත්‍රිවරුන්ගේ දේශපාලන ප්‍රතිරූපය නංවාගැනිම වෙනුවෙන් සෟජු ප්‍රධාන ලෙසින් අවුරුද්දකට වරක් පාසැල් දරුවන් සදහා ලබාදිමට අභ්‍යාස පොත් ලබාදිමේ  වැඩසටහනක් දැනට වසර කිපයක සිට ක්‍රියාත්මකය.
මේ වැඩසටහන හරහා විවිධ මන්ත්‍රිවරුන් මේ අභ්‍යාස පොත් පිටකඩවලට විකුණා ඉන් හම්බකරගැනිම පිළිබදව මගඩි පවා පසුගිය කාලයේ වාර්ථා වුණි.
මෙලෙසින් මුදල් ගසා කෑමට ඇති ඉඩ කඩ නිසා තමන් ගේ නමට ලක්ෂ ගාණක පොත් ලබාගැනිමට මේ මන්ත්‍රිවරු පසුගිය කාලය තුල කටයුතු කර තිබුණි.
නිදසුනක් ලෙසින් උපනගරාධිපති එම් සකාවුල්ලා පමණක් රු ලක්ෂ 8 ක අභ්‍යාස පොත් පසුගිය වසරේදි ලබාගෙන තිබුණි.
මේ පොත් අලෙවි කොන්ත්‍රාත්තුව ලබාගැනිමට මෙවරද වාසනාවන්ත   වුයේ ද ආණ්ඩුවට ඉතාමත් සමිපයෙන් කටයුතු කරගෙන යන විපක්ෂයේ මන්ත්‍රිවරයෙකි. ඔහු විසින් ඉදිරිපත් කර තිබුණ වැඩිමිල ටෙන්ඩරය අනුමත කරවාගැනිමට කෙසේ හෝ ඔහු කටයුතු කර තිබුණි.
මේ ජමේ ටෙන්ඩර්කරු විසින් මන්ත්‍රිවරුන් හට ලබාදි තිබුණ ගසා කෑමේ පැකේජ නිසාය.
නිදසුනක් ලෙසින් රු ලක්ෂ 5 ක පොත් ලැබිමට අනුමත මන්ත්‍රිවරයෙකුට රු ලක්ෂ 3 ක පොත් ලබාගෙන ඉතිරි ලක්ෂ 2 මුදලින් ලබාගැනිමට පහසුකමක්ද ඔහු සලසා තිබුනේ තමන් වෙතද ගානක් කැපෙන ලෙසිනි.
මේ අතර මීගමුවේ එක් නාගරික මන්ත්‍රිවරයෙකි තමන් විසින් දරුවන්ට බෙදාදෙන්නට යැයි කියා ලබාගත් පොත් කඩයකට විකුණා තිබියදි අසුවිමේ පුවතක්ද අප පසුගිය වසරේ පළකළෙමු.