මීගමුව නාගරික ලේකම්ගේ නිළ නිවසේ ප්‍රතිසංස්කරණවලට මහජන බදු මුදල් ලක්ෂ 24 ක් !

0
52

MC-NGB1මීගමුව මහනගර සභාවේ නිළ නිවසක කොටසක් වෙන්කොට නාගරික ලේකම්වරියට නැවතිම සදහා සිදුකරන ලද ප්‍රතිසංස්කරණ වලට ලක්ෂ 24 ක් පමණ වැය කිරිම ගැන දැනටමත් විගණන විමසුමක් පැමිණ ඇති බව  අපගේ නගර සභා ආරංචි මාර්ග දක්වා සිටි.
මහජන බදු මුදල් මේ ආකාරයෙන් අනිසි ලෙස යෙදවිම ගැන එදා කප් ගසා සිටියේ නගර සභාව පාලනය කළ දේශපාලකයන්ය.
ඒ කුප්‍රකට ඉතිහාසයට යළිත් පණදෙමින් දැන් එය ඉදිරියට ගෙන යන්නට මීගමුව මහනගර සභාවේ පරිපාලන අධිකාරියද පෙරමුණ ගෙන තිබේ.

Save