මීගමුව පාපන්දු ලීගයේ නිළවරණය සාධාරණව පවත්වන්න ! ක්‍රිඩා ඇමතිගෙන් නියෝගයක්!

0
49

football ngb 1මීගමුව පාපන්දු ලීගයේ නිළවරණය සාධාරණව පවත්වන්නටයැයි කියමින් මීගමුව පාපන්දු ලීගයට සම්බන්ධ ක්‍රිඩා කණ්ඩායම් කිපයක් විසින් පසුගිය කාලය තුල ගෙනගිය අඛණ්ඩ මැදිහත්විම් වල ප්‍රථිඵලයක් ලෙස ක්‍රිඩා ඇමතිවරයා විසින්ම දැන් නියෝගයක් ලබා දි ඇත.
රෙඩ් රෝස් ක්‍රිඩා සමාජය නියෝජනය කරන නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන මහතා කියා සිටින්නේ මෙහිදි ක්‍රිඩා ඇමතිවරයා විසින් කරුණු 4ක්  ප්‍රධාන වශයෙන් අවධානයට යොමුකර ඇති බවය.
ලීගයේ කිසිදු රැස්විමක් මීගමුව ලීගයේ සභාපති රංජිත් රුදිගු මහතාගේ නිවසේ නොපැවත්විය යුතුය.
ලීගයේ මහසභා රැස්විම මීගමුවේ ස්වාධින ස්ථානයකදි පැවැත්විය යුතුය.සියළු ක්‍රිඩා කණ්ඩායම් විසින් ඉදිරිපත් කර ඇති නාම යෝජනා භාරගත යුතුය.බොස්කෝ ක්‍රිඩා සමාජයට සහ යූත් ක්‍රිඩා සමාජය අතර පැවැති පාපන්දු තරගයේදි සිදුව ඇතැයි කියන අක්‍රමිතා වෙනුවෙන් ක්‍රිඩා සමාජ දෙකටම සමාන දඩුවම් ලබාදෙනවා මිස බොස්කෝ ක්‍රිඩා සමාජයට පමණක් දඩුවම් ලබා දි තිබිම වැරදි බව යනාදි කරුණු ක්‍රිඩා ඇමතිවරයාගේ   අවධානයට ලක්ව තිබේ.football NGB