මීගමුව පොලිස් කොට්ඨාශයේ කුප්‍රකට පොලිස් නිලධාරියෙකු වු ශ්‍රිනික ජයකොඩි අත්අඩංගුවට !

0
447

මීගමුව පොලිස් කෝට්ටාශයේ කොච්චිකඩේ පොලිස්යේ ස්ථානාධිපති ලෙසින් කටයුතු කරමින් සිටි ශ්‍රිනික ජයකොඩි නැමැත්තාව අද සවස් වරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය විසින් දැනටමත් වාර්තා කර තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව අද දෙරණ වෙබ් අඩවිය සදහන් කර ඇති අතර මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබුනේ කොළඹ උතුර පොලිස් අපරාධ කොට්ඨාසය විසිනි.

නිමල් ලංසාගේ ඉතාමත් සමිපතයෙකු වන ශ්‍රිනික ජයකොඩි පසුගිය දිනක සිය උප පොලිස් පරික්ෂකවරයෙකුට තර්ජනය කර තිබුනේ ලංසාගේ මැතිවරණ ප්‍රචාරක පොස්ටර් ඉරා තිබිමක් සම්බන්ධයෙනි.

අප මේ පුවත  ඊයේ දිනයේ පළ කලෙමු.

මෙලෙස පිඩාවට පත් උප පොලිස් පරික්ෂකවරයා මේ පිළිබදව මිගමුවේ පොලිස් කොට්ටාශයේ ඉහල තනතුරු දරන අය වෙත පැමිණිලි කොට තිබුණි. .

එමෙන්ම මැතිවරණණ කොමිසමට පවා මේ ගැන වාර්තා වි තිබුණ බව කියැවේ .
,
මැතිවරණ රාජකාරියක් වු පෝස්ටර් ඉවත් කිරිම ගැන ශ්‍රිනික ජයකොඩි උරණ වන්නේ තමන්ගේ දේශපාලන හාම්පුතාට ඉන් ආසාධාරණයක් වි ඇතැයි සිතා  විය යුතුය.

කෙසේ වෙතත්  කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපති යනු පසුගිය කාලය තුල විවිධ නිති විරෝධි කටයුතුවලට  අනුබල දුන් සහ විවිධ විෂමාචාර ක්‍රියාවන්හි නියැලුන අයෙකු ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි අයෙකි.නිමල් ලංසා වැනි දේශපාලකයන්ගේ රැකවරණය නිසා මේ සකලාකාර විෂමාචාර ක්‍රියාවන් එසේම තිබියදි නිරුපද්‍රිතව කටයුතු කරගෙන යමින් සිටියේය.
මේවා සම්බන්ධයෙන් එදා ක්‍රියාත්මක නොවු පොලිස් ලොක්කන් දැන් නිතිය කරන්නට  ඉදිරිපත් ව සිටින්නේ ඒ අයගේද ගැලවිම තකා විය යුතුය

පසුගිය දින දෙක තුල ඔහු පොලිස් ස්ථානයට වාර්තා කර නොකොට සැඟව සිට ඇති අතර අද ඔහුව අත්අඩංගුවට ගෙනන තිබුනේ රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි බව කියැවේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here