මීගමුව බන්ධනාගාරයට ලැබි ඇති ‘දූෂිත’ හංවඩු ඉවත් කරන්නට කැපවන්න ! බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඉල්ලයි !

0
368
ngb prisionIMG_20200625_112407බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාඊයේ පසුගිය (23)මීගමුව බන්ධනාගාරයේ හදිසි නිරික්ෂණ චාරිකාවක් සිදුකර ඇත.
මීගමුව බන්ධනාගාරයෙන් තහනම් ද්‍රව්‍ය රැසක් පසුගියද‍ා සොයාගැනීමෙන් එහි ඇතැම් නිලධාරීන්ට අක්‍රමිකතා චෝදනා එල්ලවී මාරුකර යැවුණු අතර පසු එම බන්ධනාගාරයට අසිත ගජනායක මහතා  නව අධිකාරීවරයා වශයෙන් පත් කෙරිනි.
එයින් පසුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මෙසේ මීගමුව බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී නව අධිකරණවරයාට උපදෙස් ලබා දී ඇත්තේ එම බන්ධනාගාරය මත්ද්‍රව්‍ය ,ජංගම දුරකථන  ඇතුලු තහනම් ද්‍රව්‍ය සහ අක්‍රමිකතාවලින් තොර බන්ධනාගාරයක් බවට කඩිනමින් පත්විය යුතු බවයි.
බන්ධනාගාර සිරමැදිරි හා වෙනත් පහසුකම් පරීක්ෂා කළ කොමසාරිස් ජනරාල්වරයා එහිදී රැඳවියන් සමග සුහද කතා බහක යෙදීමෙන් ඔවුන්ගේ ගැටලු විමසීමක් සිදුකර ඇත.
එමෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ද ගැටලු විමසු කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කර ඇත්තේ මීගමුව බන්ධනාගාරයට ලැබි ඇති ‘දූෂිත’ හංවඩු ඉවත් කරන්නට කැපවීමෙන් අවංකව රාජකාරි සිදුකරන ලෙසයි. වැරැදි කරන නිලධාරීන්ට තමන්ගේත් කිසිදු සමාවක් හිමිනොවන බවද උපුල්දෙණිය මහතා එහිදී පවසා ඇත.
මෙම නිරීක්ෂණ චාරිකාව සදහා බන්ධනාගාර කොමසාරිස් පාලන හා පුනුරුත්ථාපන චන්දන ඒකනායක,තුසිත උඩුවර( බුද්ධි හා මෙහෙයුම්)සහකාර බන්ධනාගාර අධිකාරි (බුද්ධි අංශ)ප්‍රසාද් ප්‍රේමතිලක මහත්වරුන් ද එක්වුනි.
මුලාශ්‍රය -දිණමිණ