මීගමුව බන්ධනාගාරයේ සියලු දුෂණ වංචාවලට ආණ්ඩුවේ ඇතැම් දේශපාලකයන්ගේ රැකවරණය ?

0
181

NGB prisonමීගමුව බන්ධනාගාරය තුල පසුගිය කාලය තුල සිදුව ඇති දැවැන්ත අක්‍රමිකතා ගැන මාධ්‍ය විසින් හෙළිදරව් විමෙන් පසුව දැන් ජනපති ගෝඨාභය අවදිවි ඒ දුෂණ මැඩිමට අලුත් පාලනයක් ස්ථාපිත කරගෙන යමින් ඇති බව ප්‍රකාශිතය.
මිගමුවේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා පොහොට්ටුවේ එක්තරා කුප්‍රකට ඇමතිවරයෙකුගේ ගජ මිතුරෙකි.හිටපු බන්ධනගාර අධිකාරිය යහමින් හම්බකරගෙන අතපිරෙන්න රත්තරන් පුරවන ගෙන නිරුපද්‍රිතව බැබලුනේ තමන්ට රැකවරණ සපයන ආණ්ඩුවේම ඇතැමුන්ගේ සහය නිසා නොවේදැයි ඕනැම අයෙකුට වැටහෙනු නියතය.
රට දැන් සැබැවින්ම ආරාජික වෙමින් තිබේ. එයට මුහුණ දිමට විපක්ෂයක් නැති ගානය. විපක්ෂ නායකයා හැම විටම සිටින්නේ බබාට ඇදගෙනය .ඉතින් එවන් රටකට දෙයියන්ගේම පිහිටය.