මීගමුව බස් ඩිපෝව ඉදිරිපිට අනවසර කඩයක්. අවසර දුන්නේ කව්ද?

0
65

illagal shop 2අනවසර  ඉදිකිරීම්   සම්බන්ධයෙන්   විවිධ  ප්‍රදේශවලින්  ජනතා  මැසිවිලි   ඉදිරිපත්වන   නමුත්  ඒ කිසිවක්  සම්බන්ධයෙන්  නිසි  පිළිතුරක්  දීමට  මීගමුව  මහ නගරසභාව   සමත්වී  නැත. පසුගිය  දිනවල  මීගමු  මහ නගරසභාව  විසින්  සමහර   අනවසර  ඉදිකිරීම්   ඉවත්කළ  ආකාරය  සහ  සමහර  අනවසර  ඉදිකිරීම්  සඳහා  ඉඩකඩ  අනුබල  දීම  ගැන  නොදන්නා  කෙනෙක්  නැත. මේ පිළිබඳව  අප  මීට  පෙර  අවස්ථා  ගනනාවකදී අපගේ  වෙබ්  අඩවියේ  සඳහන්  කර  කියා  සිටියෙමු.
මීගමුව  නගරයේ  මේ  සම්බන්ධව  වගකිවයුතු  විවිධ  රාජ්‍ය  ආයතන   රාශියක්   තිබෙන  නමුත්  මේ  සියළු  ආයතන  අභිබවා  මීගමු  නගරසභාවේ  අණ  පිළිපැදීමට  ජනතාවට  සිදුව  ඇත.  එහි  පවතින  නිලයට  සහ  බලයට   අනවසර දෑ  සඳහා  අවසර  දීමටත්, ඒවා  ආරක්ෂා  කරදීමටත්  හැකියාව  ඇත.මෙකී  බලය  කෙතරම්  දුරකට   ව්‍යාප්තවී  දැයි  කිවහොත්   මීගමුව  බස් ඩිපෝවේ  තාප්පය  අසලටම  පැමිණ  ඇත.

මීගමුව  මහනගරසභාවේ  ලංසා  පාලන  කාලය  තුළ  ඉදිකරනලද  අනවසර  ගොඩනැගිලි  අප  මීට පෙර  සඳහන් කළ  ස්ථාන  ලෙස  සමනල  ගොඩනැගිල්ලද  ඇතුළු  නගරයේ  ගොඩනැගිලි  රාශියක් ද  ඉන්  පිටත  දළුපත  ෂෙඩ්එක වැනි  තැන්  සහ  වෙනත්  ගොඩනැගිලිද  ගත්විට  විශාල  සංඛ්‍යාවක්  දැක්විය  හැක.     මේ  අනුව  මීගමුව  බස්ඩිපෝව  ඉදිරිපිට  ඇති  තාප්පය  අයිනේ  කඩයක්  ඉදිකිරීම  එතරම්  සැලකියයුතු  කාරණයක්  නොවන්නේයැයි   කෙනෙකුට   සිතිය හැක. නමුත්  ප්‍රශ්ණය  වන්නේ  මෙම  ක්‍රියාදාමයේ  කෙ‍ලවර  ගැන  හැඟීමක්  ජනතාවට  හෝ  අදාල  බලධාරීන්ට  නොමැතිවීමයි.

නමුත්  අප  එකක්  මතක්කරදිය යුතුව  ඇත.  මෙම  සිදුවීම්  සියල්ල  එකතුවන්නේ  වෙන  කොහේටවත්  නොව  ඉතිහාසයට  බවයි. මෙවැනි  නිසි කලමණාකරණයකින්  තොරව   අනවසරයෙන්   ඉදිකරන  ගොඩනැගිලි  අනාගතයේදී   විවිධ  ප්‍රශ්ණ  ඇතිවීමට  හේතුවක්  වන බවද  කිවයුතුය. ඒනිසා  මේවා පිළිබඳව  අවධියෙන්  සිටින  ලෙස  අප  ජනතාවගෙන්  ඉල්ලා  සිටිමු.