මිගමුව බිච් පාක් දැන් ආරාජිකයි. කාන්තාවකට පවා ඒ හරහා නිදහසේ ඇවිද නොහැකි අන්දමට එය බේබද්දන්ගේ පරාදිසයක් බවට පත්ව තිබේ.
ප්‍රසිද්ධ ස්ථානවල බිමතින් හැසිරිම නීති විරෝධි යැයි කියා තිබුණද බිච් පාක් එකට ඒ කිසිදු නීතියක් වලංගු නැතිවා සේය.
මෙය කොයිතරම් නම් ආරාජිකදැයි කිවහොත් පසුගිය දිනක මේ හරහා පොලිස් ආරක්ෂාවද සහිතව ඇවිද ගිය අධිකරණ ක්ෂේත්‍රයේ උසස් නිළයක් දරන කාන්තාවකට පවා කිසියම් අකරතැබ්බයටකට මුහුණ දෙන්නට සිදුව තිබුණ පුවතක්ද වාර්ථා විය.
ඒ බිච් පාක් එක තුල බීමතින් හැසිරුණු තැනැත්තෙකු නිසාවෙනි.
බිච් පාක් එකේ පොලිසිය සිටියද මේ තත්වය පාලනය කිරිමට ඔවුන් අපොහොසත්ය.
එයට හේතු ලෙසින් තතු දත් අයවලුන් පවසා සිටින්නේ බිච් පාක් එක තුල සිදුවන විවිධ නීති විරෝධි ක්‍රියාවන් ගැන නිහඩව සිටින්නට තරම් තත්වයකට අද ඔවුන්ව පත්කර තිබෙන නිසාවෙනි.
පොලිසිය ඇතැම් අයවලුන් සදහා කන්න බොන්න මෙන්ම තවත් දේ බිච් පාක් එකේ හිමිකරුවන් විසින් සපයනු ලබන බවට චෝදනාවක්ද එල්ල වෙමින් තිබේ.
සංචාරයන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරක කලාපයේ නීතිය හා ක්‍රමවත් භාවය ස්ථාපත කිරිම සදහා සංචාරක පොලිසිය බැදි සිටියද බොහෝ විට දක්නට ඇත්තේ බිච් පාක් එකේ යන එන වාහන හැසිරවිම ඇතුළු තවත් බොහොමයක් දැ සදහා ඔවුන්ගේ සේවාව යෙදෙවෙන බවය.