මීගමුව බොස්කෝපුර නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි…

0
117

1595855439-Corona_Positive_Lමීගමුවේ බොස්කෝපුර නිවාස සංකිර්ණයෙන් කොරෝනා ආසාදිත රෝගින් දෙදෙනෙකු හමුවි ඇතැයි මිගමු සෞඛ්‍ය බලධාරින් පවසා සිටිති.
සුනාමි නිවාස සංකිර්ණයක් ලෙසින් ඉදිවු මෙම බොස්කෝ පුරය තුල පවුල් 200 කට ආසන්න පිරිසක් පදිංදිවි සිටින බව වාර්තා වේ කුඩා බිම්කඩක පිහිටි මෙම නිවාස සංකිර්ණය තුල මෙසේ ආසාදිතයන් හමුවි තිබිම තරමක් සංකිර්ණ ගැටළුවක්ද මේ වන විට නිර්මාණය කර තිබේ.
කෙසේ වෙතත් අද දිනයේද මෙම නිවාස සංකිර්ණය තුල PCR  පරික්ෂණ පැවැත්වෙන බව සදහන්ය.
ඊයේ දිනයේ වාර්තා වු මෙම ආසාදිතයන් දෙදෙනාත් සමගින් මිගමුවේ මුළු ආසාදිතයන් ගණන 166 ක් වි තිබේ.
බොස්කෝපුරයේ මෙම ආසාදිතයන් දෙදෙනා රෝහල්ගත කිරිමට අදාල කටයුතු අද දිනයේ සිදුකිරිමට නියමිතව තිබෙන අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ නිවාස සංකිර්ණය තුලදිම නිරෝධායනය කිරිමට පියවර ගෙන තිබේ