මීගමුව මහනගර සභාවෙන් රියදුරෙකුටත් ගෙදර යන්න වාහනයක්?

0
60

මීගමුව මහනගර සභාවේ කොමසාරිස්තුමිය සදහා ලබාදි ඇති නිළරථය ඇය වෙන්නප්පුවට ගොස් ඇරලවා එහි රියදුරු විසින් වේයන්ගොඩ පිහිටි නිවසට රැගෙන ගොස් යළිත් පසුදා වෙන්නප්පුවට පැමිණෙන බව වාර්ථා වේ මේ අනුව දිනකට මේ ගමන්වාර වලට පමණක් කි.මි.180 ක් පමණ යෙදවෙන අතර මේ සදහා වැයකෙරෙන දෙලක්ෂයට ආසන්න මුදලෙන්  වැඩි වියදමක් යන්නේ කොමසාරිස්තුමියගේ රියදුරු තැනට ගෙදර යන්නට සහ එන්නටය.
මේ අනුව මීගමුවේ බදුගෙවන ජනතාවගේ මුදලින් ගෙදරට යන්න එන්න තරම් වාසනාවක්  මීගමුව නගරාධිපතිවරයා විසින් හිමිකර දි තිබේ.
අපට දැන් නගරාධිපතිතුමාෙගන් අසන්නට වන්නේ ජනතා බදුමුදල් මෙසේ නාස්තිකරන්නට ඉඩ දි ඇත්තේ කව්රුන් සනසවන්නටද යනුවෙනි.