මීගමුව මහනගර සභාවේ ”අරහම්ලා” මීගමුවටම අරහංලු ?

0
166

Bribe-People-Icons”අරහම්” යනු මීගමුව මහනගර සභාවෙ හිටපු ප්‍රවාහන නිළධාරියාය.දැන් ඔහු වැඩියෙන්ම කරන්නේ ගොඩනැගිලි අනුමත කිරිම් කටයුතුය.
දැනට අපට ලැබෙමින් ඇති වාර්ථා අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරින් හා එක්ව විශේෂයෙන්ම මීගමුව සංවාරක කලාපයෙන් විශාල මුදලක් කප්පම් ලෙසින් රැගෙන තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියේ ඇතැම් නිළධාරින් සදහා කෑම බීම පමණක් නොව කාන්තාවන් සැපයිමද මීගමුවේ මේ නිළධාරින් විසින් පැනලා ඉටුකරමින් සිටින්නේ තමන්ගේ කුට්ටිය ඒ හරහා වැඩිකරගත හැකි හෙයිනි.
එපමණක් නොව අරහම්ලා හා එක්ව අශුද්ධ සන්ධාන හදාගෙන ඇති දේශපාලකයෝද වෙති.
ඔවුන්ද කප්පම් ගන්නේ ලක්ෂ ගණන්වලිනි.මේ ඇතැමුන් ව්‍යාපාරිකයන්ට කියා ඇත්තේ සියළුම වැඩකටයුතු කිරිම සදහා වගකිම භාරගෙන ලක්ෂ ගණනින් මුදල් අයකරගෙන තිබේ.
මේ අනුව දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරිය හා එක්ව මීගමුවේ විවිධ ක්ෂේත්‍රවල නියැලුන ව්‍යාපාරිකයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ගරා ගෙන ඇතැයි කියැවේ.
මීට අමතරව ව්‍යාපාරික ගොඩනැගිලි වල ගිණි සැලැස්ම නිසි ලෙස නැතිනම් ඒ හරහාත් ලක්ෂ ගණන් ගසා කන්නට ගිනිනිවන ඒකකයේ ඇතැම් නිළධාරින් කටයුතු කරමින් සිටින බැව් ප්‍රකටය.
මේ ඇතැම් නිළධාරින් ගොඩනැගිලි ඉදිකිරිම් වලදි සියළුම තැන්වලින් අවසර ලබාදිම සදහා පැකේජ් ක්‍රමද හදුන්වා දි ඇතැයි කියැවේ .
එපමණක් නොව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ සිටින අය ගැනද විවිධ කථා තිබේ.
මේ එක් නිළධාරියෙකු තම අමතර සහ ප්‍රධාන ආදායම් මාර්ගය කරගෙන තිබෙන්නේ ගෘහ නිර්මාණ සැලසුම්කිරිම සහ එය කිසිදු බාධාවකින් තොරව අනුමත කර දිමේ කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරිමය.
මේ සියලු දෙනාටම  මේ මජර කටයුතු සදහා ආධාර අනුබල දුන්නේ වෙන කව්රුත් නොව හිටපු නගරාධිපතිවරයෙකු වු නිමල් ලංසා සහ ඔහුගේ පවුලේ අයයි.
මේ සියල්ල දැන් වෙනස් කළ හැක්කේ මේ සියළු දුෂිත නිළධාරින් මීගමුවෙන් පන්නා දමා නව පාලනයක් ස්ථාපිත කරගැනිම මගින්ම පමණි.