මීගමුව මහනගර සභාවේ පරිපාලන නිළධාරින් දේශපාලකයන්ට මෙච්චර බය ඇයි ?

0
64

MC sec and dayanMC and jayaweeraමහනගර සභාවක ලේකම්ධුරය යනු පරිපාලන ධුරාවලියේ ඉහලම තනතුරකි. එහෙත් මීගමු මහනගර සභාව තුල ඇතැම් දේශපාලකයන්ට නතතුරුවල ගරුත්වය ගැන හෝ අවම දැනුමත්වත් ඇතැදැයි සැක හිතෙන තරමට ඇතමුන් චණ්ඩින් ලෙසින් හැසිරෙති.
මීගමු මහනගර සභාවට ආවේනික වු චණ්ඩිකරණය මෑතඉතිහාසය තුල පටන් ගත්තේ පසුගිය නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසිනි.
ඔහු වරක් නාගරික ලේකම්වරියට බැණ තිබුනේ තිත්ත කුණුහරුපයෙනි.
ඇයව රෝහල් ගත කරන ලෙස උපදෙස් දෙන්නට එවකට නගරාධිපතිව සිටි ඇන්ටනි ජයවිර මහතාට සිදුවිය.
පසුගිය දිනකද ඒ ලේකම්වරියටම යළිත් වරක් දේශපාලකයන් පිරිසකගේ තර්ජනයට ලක්ව තිබුණි.
අවාසනාව වන්නේ මීගමුව මහනග සභාවේ නිලධාරින් අතර කිසිදු එකමුතු කමක් නැතිකමය.එකිනෙකා තම තමන්ගේ වාසිතකා දේශපාලකයන්ව හුරතල් කරමින් සිටි.ව
මේ නිසා ලේකම්වරියට බැන වැදුන අවස්ථාව කිසිවකදි ඊට එරෙහි වන්නට කොන්දක් කිසිදු නිළධාරියෙකුට තිබුනේ නැත.
වෙනත් තැනක එවැන්නකි සිදුවුනි නම් අනිවාර්යෙන්ම සැම එක්වු දේශපාලකයන්ට එරෙහිව නැගි සිටිනු ඇත.
එහෙත් මිගමුවේ දි නාගරිකකොමසාරිස්වරියගේ පටන් ඇති අන්ත දීනභාවය නිසා අද ලේකම්වරියකට පවා මේ තත්වය උදාවි තිබේ.