මීගමුව මහනගර සභාවේදි මාධ්‍යවේදියාට පහර දුන් මැරයාට යළිත් රැකියාව ?

0
47

????????????????????????????????????

FG attack 12

මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි පසුගිය ජුනි 02 වනදා මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට පොල්ලකින් පහරදුන් නගර සභා සේවකයා යළිත් සේවයේ පිහිටුවා ඇතැයි වාර්ථාවේ.
සිය සේවා මුරය ලෙස 6-2ට අත්සන් තබා සිය සේවා කාලය තුළ දීම සිය සොහොයුරාද සමගින් අංක තහඩු රහිත යතුරු පැදියකින් පැමිණ මුහුණුආවරණය කරගත් හිස්වැසුම්ද වැහිකබාද පැළද පැමිණ මහදවාලේ මේ පහරදිම සිදුකර ඇත.
නගරාධිපතිවරයාගේ ආරාධනයෙන් පැමිණි මාධ්‍යවේදියෙකුට නගර සභා පරිශ්‍රය තුලදිම පහර එල්ල කිරිම ගැන නගරාධිපතිවරයා හෝ පරිපාලන අධිකාරියේ ප්‍රධානියා නාගරික කොමසාරිස්වරයාද  කිසිදු ප්‍රකාශයක් සිදුනොකිරිමද මෙහිදි විශේෂයෙන් සදහන් කළ යුුතුව තිබේ.
එහෙත් මීගමුව එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා සිය මන්ත්‍රි මණ්ඩලයද සමගින් එක්ව විශේෂ පුවත් පත් සාකච්ජාවක් කැදවා මේ සිදුවිම හෙළා දැක තිබුණි.
එමෙන්ම එවකට මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක හිටපු ධිවර නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතාද මේ ප්‍රහාරය හෙළා දැක තිබුණි.
මීපුර වෙබ් අඩවිය විසින් කළ විමසුමකට පිළිතුරු දුන් හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා කියා සිටියේ පහරදිම සිදුකළ සේවකයාට යළිත් කිසිලෙසකින් වත් රැකියාව ලබානොදෙන බවය.
තතු මෙසේව තිබියදි චිකාගෝ පන්නයේ පහර දිමක් සිදුකළ මැරයෙකු හට දැන් මීගමුව මහනගර සභාව තුල යළිත් රැකියාව ලැබි ඇත.
මෙය යහපාලනය යැයි කෙසේ නම් කිව හැකිද ?FG attack 1

Save

Save