මීගමුව මාර්ග සංවර්ධනයේ අපිළිවෙල ප්‍රකාශවන ලෙල්ලමේ රථගාල් ප්‍රශ්ණය

0
114

IMG-20191015-WA0043IMG-20191015-WA0042මීගමුව , පිටිපන පාරේ ඇති මාළු වෙළඳපල පරිශ්‍රය උදෑසන යුධපිටියක සිරියක් උසුලයි . දෛනිකව විශාල ජනගහනයක් එක්රොක්වන මෙම ස්ථානයේ එකිනෙකා තෙරපෙමින් , පොරකමින් , බැන අඬ ගසා ගනිමින් කරන ගෝෂාව සාමාන්‍ය දසුනක් වී අැත .IMG-20191015-WA0039
එසේම මෙහි ප්‍රධාන ප්‍රශ්ණයක් ලෙස පවතින්නේ මාර්ග තදබදයයි. මාළු වෙළඳාමේ යෙදෙන අය , මාළු රැගෙන එන වාහන , බර දරාගෙන පාරේ ඒ පැත්තටත් , මේ පැත්තටත් ගමන් කරන කුලීකරුවන් , මාළු රැගෙන යන එනඅය, යතුරුපැදි පැදි නතර කිරීමට තැන් නැතිව ලතවෙන අය , පාරේ ගමන්කරන වාහන සහ මගීන් මේ අද,
මේ ආදී වශයෙන් පවතින තත්වය විසින් සෑම උදෑසනකම තදබදය ක් මෙන්ම .කලබලකාරී බවක් නිර්මාණය කරයි .
මෙම ස්ථානයේ නවතා තබන යතුරුපැදි ඇතුළු අනෙකුත් වාහන නතර කිරීමට අදාල අවබෝධයක් මෙන්ම දැනුවත් කිරීමක් දක්නට නැත .ඒනිසා යකා දත් හිටවූවා සේ වාහන තැනින් තැන නවතා තබයි. පවතින මෙකී පරිසරය නිසා මීගමුව -ජාඇල දක්වා යන එන වාහන මෙම ස්ථානය පසුකර යාමට සෑහෙන කාලයක් ගනී.මෙහි පවතින තවත් ප්‍රශ්ණයක් ලෙස ලෙල්ලම මැදින් දූව පැත්තට යන පාර දැක්විය හැක.මෙම පාරේ ඉදිරියේ හමුවන මංසන්ධිය දක්වා එක දිගට වාහන නවතා තබයි . එවිට මෙම පාරේ යතුරුපැදියකට හෝ පාපැදියකටවත් අපහසුතාවයකින් තොරව ගමන් කළ නොහැක .
වාහන නතර කිරීම තහනම් යනුවෙන් සඳහන් කර තිබෙන නමුත් ඉන් පලක්වී නොමැත .එසේම මෙහි රථගාලක් තිබෙන නමුත් එහි වාහන නතර කෙරෙනුයේ අවම වශයෙනි .
මින් පැහැදිළි වන්නේ මේ සඳහා විසඳුමක් අවශ්‍ය බවය.

මීගමුව යනු ප්‍රධානතම ධිවර නගරයකි.ලෙල්ලම යනු එහි මර්මස්ථානයයි. එහෙත් එයට අවැසි සේවාමය පහසුකම් සලසා දිමට මිගමුව නගරය පාලනය කළ කිසිවෙකුටත් නොහැකි වි තිබේ.මින් වඩාත් බරපතල චෝදනාව එල්ලවන්නේ වැඩිම කාලයක් මිගමුව නගර සභා අරක්ගෙන සිට ලංසා පාලනය වෙතය.
ඒ සඳහා වගකිවයුත්තන්ගේ ඇස් පෑදීමේ වගකීමඇත්තේද ජනතාවටය. ඒනිසා මෙකී විසඳුම සඳහා ජනතා පෙලගැස්මක් අවශ්‍ය බව අප අවධාරණය කරන්නෙමු .