මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂක හදිසියේ රෝහල් ගතවුනේ ඇයි..?

0
172

මේ දිනවල මීගමුව නගරය තුල දැවැන්ත කසුකුසුවකි.ඒ රත්රන් හොරකමක් ගැනය.වාර්ථා වන අන්දමට මීගමුව පොලිසිය විසින් නගරයේ රන් අලෙවි සැලකට විශාල වටිනාකමකින් යුත් රත්රන් තොගයක් අලෙවි කිරිමට ගිය අවස්ථාවේ අදාල සැකකටයුතු පුද්ගලයාව අත්අඩංගුවට ගෙන මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකගේ භාරයට පත් කර ඇත.පසුව මේ පුද්ගලයාට උසාවියට ඉදිරිපත් කර ඇප මත මුදා හැර තිබුනි.
එහෙත් පසුව දැනගන්නට ලැබෙන්නේ මෙසේ උසාවියට ඉදිරිපත් කර ඇත්තේ අත්අඩංගුවට ගැනුන රන් තොගයෙන් ඉතාමත් සුවල්පයක් බවය.
පසුව මිරිහාන පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයක් මගින් මීගමුවේදි අත්අඩංගුවට ගැනුන පුද්ගලයා සහ ඔහුව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනාවද අත්අඩංගුවට ගෙන කරුණු විමසිමේදි රුපියල් ලක්ෂ 45 ක පමණ වටිනාකමකින් යුත් රත්රන් ආදාල පුද්ගලයාව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබි ඇතැයි හෙලිවි තිබේ.එමෙන්ම කෝටි ගණනක් වටිනා මැණික් ගල් දෙකක්ද මේ සොරකම් කල බඩු ගොඬේ තිබි ඇත.
වාර්තාවන අන්දමට මේ එක් මැණික් ගලක වටිනාකම රුපියල් එක්කෝටි අසුලක්ෂයක් පමණ වේ.එහෙත් දැනට මේ මැණික් ගල් අතුරුදහන්ය.
මේ සියළු කලබගෑනි අස්සේ මීගමුවේ මුලස්ථාන පොලිස් පරික්ෂක සෝමසිරි ලියනගේ මහතා හදිසියේම රෝහල්ගතව ඇත.
පපුවේ ඇතිවු වේදනාවක් හේතුකොටගෙන ඔහු දැනට මීගමු රෝහලේ 4 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබයි.