මීගමුව රෝහල ඩෙංගු රෝගින්ගෙන් පිරියයි.????

0
75

රටපුරා වසංගත තත්වයකට පත්වෙමින් යන ඩෙංගු උණ රෝගය මීගමුව රෝහල කරාද වේගයෙන් පැමිණෙමින් තිබේ.
රෝහලේ කාන්තා සහ පිරිමි ප්‍රධාන වාට්ටු වලට ප්‍රතිකාර සදහා ඇතුළු වන රෝගින්ගෙන් තුනෙන් එකක් ඩෙංගු රෝගින් බව රෝහල් වෛද්‍ය අධිකාරි චම්පා අළුත්වීර මහත්මිය පවසයි.
මේ ගණන ඉදිරි දෙසතිය තුල රෝහලේ  දැනට මේ වෙනුවෙන් ක්‍රියාත්මක කාර්ය මණ්ඩලයට දරාගත නොහැකි තත්වයක් කරා වර්ධනය විමට හොඳටම ඉඩ ඇති අතර ඒ සදහා පිටස්තර සහය දැනටමත් ඉල්ලා ඇතැයිද වාර්ථා වේ.
පවතින තත්වය කළමණාකරණය කරගැනිම සදහා තෙවෙන වසරේ හෙද සිසුවියන් 30 දෙනෙකුගේද සේවය දැනටමත් ලබාගෙන ඇති බවද වෛද්‍ය අධිකාරි චම්පා අළුත්විර මහත්මිය පවසා සිටියාය.
විශේෂයෙන්ම මීගමුව රෝහල ලංකාව පුරාම ඩෙංගු ප්‍රතිකාර සදහා ප්‍රසිද්ධ විමත් සමගින් පිටස්තර පළාත්වල රෝගින් පවා මීගමුවට පැමිණිමේ ප්‍රවණතාවක්ද වර්ධනය වෙමින් තිබේ.