මීගමුව රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනිම පමා කරන්නේ කව්ද ?

0
84
මීගමුව රෝහලේ 16 වාට්ටුව කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති අයට ප්‍රතිකාර කිරිමට පිළිසකර කරන අයුරු
මීගමුව රෝහලේ 16 වාට්ටුව කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති අයට ප්‍රතිකාර කිරිමට පිළිසකර කරන අයුරු
මීගමුව රෝහලේ 16 වාට්ටුව කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති අයට ප්‍රතිකාර කිරිමට පිළිසකර කරන අයුරු

කොරෝනා වෛරස් අවදානම කොයි මොහොතේ රට තුලට යලිත් ඇතුළුවේදැයි යන සැකය මේ වන විට ඉහල යමින් තිබෙන පසුබිමක  මිගමුව රෝහල වඩාත් කාර්යක්ෂම තත්වයකට පත්කිරිම වෙනුවෙන් එහි පහසුකම් වැඩිදියුණු කරමින් ඉහල ප්‍රමුඛතාවයක් ලබා දිමට බලධාරින් වහා මැදිහත් යුතුව තිබේ.
විශේෂයෙන්ම ශ්‍රිලාංකිකයන් බහුතරයක් වෙසෙන ඉතාලියේ සහ දකුණු කොරියාවේ කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාමත් සමගින් එහි අවධානය ශ්‍රිලාංකාවට බෙහෙවින් බලපෑ හැකි තත්වයක් මතුවෙමින් තිබේ.
විශේෂයෙන්ම මේ දිනවල දකුණු කොරියවේ වෙසෙන ශ්‍රිලාංකිකයන් මෙරට පැමිණිමේ වැඩි ප්‍රවණතාවයක් මතුව ඇති ගුවන් තොටුපල ආරංචි මාර්ග දක්වා සිටි.
මේ අනුව අද පැමිණි ශ්‍රිලාංකිකයන් අතුරින් තිදෙනෙකු මේ වන විටත් මිගමුව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබති. ඒ ඔවුන් සිරුරේ උෂ්ණත්වය ඉහල ගොස් තිබිම නිසාය.
මිගමුව රෝහල තුල කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇතැයි සැකකෙරෙන අයට ප්‍රතිකාර කිරිම සදහා වෙනම වාට්ටුවක් රෝහල තුල ස්ථාපිත කොට තිබේ.
පසුගිය කාලය තුල රෝහල් කාර්ය මණ්ඩලය එකාමෙන් එක්ව මෙම විශේෂ වාට්ටුව පිළිසකර කිරිමට කටයුතු කර තිබුණි. එය කලින් මානසික රෝගින් වෙනුවෙන් වෙන්කර තිබුන 16 වාට්ටුවයි.NGB hosptial corona ward 2
මේ පසුබිම යටතේ මිගමුව රෝහල කඩිනමින් මධ්‍යම රජය යටතට  පවරාගෙන එහි පහසුකම් වැඩිකිරිම අත්‍යවශ්‍ය කරුණක්ව පවති.ජාත්‍යන්තර ගුවන් තොටුපලක් සමිපයේම ඇති ප්‍රධානම රෝහල ලෙස මෙය මෙතෙක් රට පාලනය කළ නායකයන්ට නොහැකි විම සැබැවින්ම කණගාටුදායකය.
අවදානමට පෙර සුදානම වෙනුවෙන් සැමගේ ප්‍රමුඛ අවධානයක් මිගමුව වෙත වහා දිය යුතුව තිබේ.