මීගමුව රෝහලට තවත් කොරෝනා වාට්ටුවක් !

0
135

NGB hospitalකොරෝනා වෛරස් තත්වය ලොව පුරා පැතිර යාම ආරම්භවිමත් සමගින් ලංකාවද එහි ගොදුරක් බවට පත්විමත් සමගින්ම මිගමුව රෝහල තුලද කොරෝනා ආසාදිතදැයි සැක රෝගින් වෙනුවෙන් වෙනම වාට්ටුවක් පිළිසකර වන්නට විය. ඒ මානසික රෝගින්ට නේවාසිකව ප්‍රතිකාර කිරිම සදහා කලින් පැවැති 16 යේ වාට්ටුවයි.
දැනට පවතින තත්වයද සලකා බලා තවත් වාට්ටුවක් ස්ථාපිත කිරිම සදහා මේ දිනවල රෝහල් කාර්ය මණ්ඩලය මහන්සි ගණිමින් සිටින බැව් වාර්ථා වේ.
ඒ අනුව වාට්ටු අංක 01 කොරෝනා අසාදිතැයි සැක රෝගින් වෙනුවෙන් කඩිනමින් පිළිසකර කෙරෙනු ඇත.
මේ අතර දැනට මිගමුව රෝහල තුල සැක කටයුතු රෝග ලක්ෂණ සහිත රෝගින් 7 දෙනෙකු සිටින අතර ඉන් 6 දෙනෙකුම පිරිමි රෝගින් බවද වාර්ථා වේ.ඊයේ දිනයේදි එහි නේවාසික 8 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියේය.