මීගමුව රෝහල් පොලීසියට ස්ථිර ස්ථානයක් ?

0
91

NGB hospital policeමීගමුව රෝහල් පොලීසියට ස්ථිර ස්ථානයක් නොමැති නිසා ඔවුන්ගේ රාජකාරි පිළිබඳව ඇති ගැටළු අපගේ වෙබ් අඩවියේද ලිපියක පළ කර ඇත .
කෙසේ නමුත් මෙම ප්‍රශ්ණය පිළිබඳව යම් තොරතුරක් දැන ගැනීමේ අවශ්‍යතාව මත රෝහල් සංවර්ධන පදනමේ සභාපති වන ක්‍රිෂාන්ත දල්පදාතු මහතා හමුවුනෙමු.
ඒ අනුව මීගමුව රෝහලේ සංවර්ධනය අරමුණු කරගත් කරුණු ගනනාවක් අනාවරණය කර ගැනීමට හැකි විය .මේ අතර රෝහල් පොලීසිය පිළිබඳවද අප විමසා සිටියෙන් ක්‍රිෂාන්ත මහතා අප සමඟ ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.
රෝහල් පොලීසියේ ස්ථානය පිළිබඳව අප පසුගිය දිනවලදී සාකච්ඡා කළ කරුණු අතර එක් කාරණයක් . එහිදී පැරණි ස්ථානය කෙසේවත් ප්‍රමාණවත් නැතිබව අප තේරුම් අරගෙන තමයි හිටියෙ . පසුගිය අප්‍රෙල් 21 සිදුවී⁣මෙන් පස්සෙ අපි දැක්කා එම අඩුපාඩුව . ඒනිසා මීගමුවේ සිටින වගකිවයුතු නිලධාරීන් කිහිපදෙනකුගේ මැදිහත්වීම තුළ තාවකාලිකව මේ සඳහා පිළියමක් යෙදීමට කටයුතු කළා. මෙම සාකච්ඡාව සඳහා හිටපු සහකාර පොලිස් අධිකාරි රිපාද් , මීගමුව පොලිස් ස්ථානාධිපති වුඩ්ලර් , නියෝජ්‍ය රෝහල් අධ්‍යක්ෂක මහේන්ද්‍රන් යන මහත්වරු සමඟ මමද සිටි මෙම සාකච්ඡාවේදී තාවකාලික ස්ථානයක් ලෙස දැනට භාවිතා වන ස්ථානය සකස්කර දුන්නා .
නමුත් මෙම ස්ථානයද පොලීසියේ රාජකාරි කටයුතු සඳහා ප්‍රමාණවත් නැතිබව අප තේරුම් ගත් දෙයක් . ඒනිසා ඉදිරියේදී මීගමුව රෝහලට ස්ථිරවම ස්තිර ස්ථානයක් සැකසීමට කටයුතු යොදාගෙන තියෙනවා .
මීගමුව රෝහලේ පොලීසිය සම්බන්ධව පැවති මෙකී අඩුපාඩුව ගැන අපි මීට පෙරද සඳහන් කර සිටි නිසා මේ සඳහා විසඳුමක් ඉදිරිපත්වීම සතුටු දායක පුවතකි .
නමුත් මෙය වචනයට පමණක් සීමානොවී යථාර්ථයක් බවට පත්කර ගැනීමට සියළු වගකිවයුතු අය මැදිහත් විය යුතුයැ⁣යි අප අවධාරණය කරන්නෙමු .
එසේම අපද ඒගැන අවධානයෙන් සිටින්නෙමු .