මීගමුව රෝහලෙත් හෙද හෙදියන් ස්ට්‍රයික්

0
100

 

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අද දිනයේදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින්  වැඩ වර්ජනයක් අරඹා තිබේ.මෙම සංකේත වැඩ වර්ජනය මේ වන විට මීගමුව මූලික රෝහලේ ද ක්‍රියාත්මකය. ඒ හේතුවෙන් මීගමුව රෝහලේ සේවයට වාර්තා කර තිබෙන්නේ හෙද -හෙදියන් 30 දෙනෙකි.
305කින් පමණ යුත් හෙදකාර්ය මණ්ඩලයෙන් අද උදේ වරුවේ සේවයට  වාර්තා කළ යුතු හෙද නිලධාරීන් සංඛ්‍යාව 150 කි.
රෝගීන්ගේ හදිසි සේවා සදහා ක්‍රියාත්මක වීමට සිය සංගමයෙන්  කණ්ඩායමක් යොදවා ඇති බවත් ඔවුන් සේවය අවශ්‍ය වුවුහොත් ක්‍රියා කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු අප හා පැවසීය.
මේ අතර මෙම සංකේත වැඩ වර්ජනය සදහා සහය පළකිරීමක් ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් කොටසක්ද   වැඩවර්ජනය කර ඇති බවද වාර්තා වේ.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ විසින් මෙම වර්ජනය  කිරීමක කර  තිබෙන්නේ,වසර 12න් පසු ලැබෙන උසස්වීම් පමා කිරීම ,තීරු බදු රහිත  වාහන  බලපත්‍ර නොදීම මෙන්ම දිගින් දිගටම සාකච්ඡා කොට රජය විසින්  මේවන තෙක් ඉටු නොකර ඇති ඉල්ලීම් හේතුකොටගෙනය.

nurse_1
මෙම ඡායාරෑපය අද වැඩවර්ජනයට අදාළ නොවේ