දැනට සති දෙකකට වැඩි කාලයක් තිස්සේ මීගමුව මහ රෝහලේ 12 ,9 වාට්ටු අසලත්, මෝචරිය අසලත් ඇති ගලි උතුරා යන බව අපට විවිධ අය දැනුම් දුන් අතර රෝහලේ මීගමුව නගරසභාව වෙනදා මෙන් මෙම මල අපද්‍රව්‍ය රැගෙන යාමට පැමිණ නැත.
ගලි බව්සර් මීගමු නගරයෙන් පිටත ප්‍රදේශවලට පවා තම හිතවතුන් වෙනුවෙන් ලබා දුන් නගරසභාවට මීගමුව මහ රෝහලේ මෙසේ තදබල අවශ්‍යතාවයක් තිබියදී රජයේ ප්‍රධාන ආයතනයක් වශයෙන් මෙසේ මග හැර සිටින්නේ කුමක් නිසාදැයි ජනතාවගේ පැත්තෙන් මතුවන ප්‍රශ්ණයකි .
මීගමුව රෝහලේ මෙකී කටයුත්ත සඳහා කුඩා ගලි බව්සරයක් සඳහා රු. 6500/ ක් සහ ලොකු ගලි බවුසරයට රු.11000/ක් වශයෙන් ගෙවන බව අපි දන්නෙමු. එසේ තිබියදී මෙවැනි නොසලකා සිටීමකින් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි අප නොදනිමු .
අප මේ සම්බන්ධව රෝහල් බලධාරීන් ගෙන්ද විමසා සිටින්නේ මේ සඳහා යම් පියවරක් නොගන්නේ ඇයිද? කියාය .
අපි ඔවුන්ගෙන් ද විමසා සිටින්නේ මීගමුව වැනි වැදගත් නගරයක මහ රෝහලක් වශයෙන් මෙවැනි තත්වයන් මතුවීම ගැන ඔබගේ මැදිහත් වීම ගැනද ප්‍රශ්ණ කළ යුතුව ඇති බවයි .
මීගමුව මහ රෝහලේ වරින්වර කළ අවිධිමත් ඉදිකිරීම් වල ප්‍රතිඵලයක් ලෙස පොලොව යටින් අැති මල ප්‍රවාහන නල මාර්ග පවා කැඩී බිඳී ගොස් ඇති බවට අපට තොරතුරු ලැබී ඇත . මෙවැනි තත්වයන් ගැන සොයා බලා ඒවාට නිසි ප්‍රතිකර්ම කිරීම සියළු බලධාරීන්ගේ වගකීමක් බව කිවයුතුය . එසේම ඉක්මනින්ම අදාල ඉහල වගකිවයුත්තන්ගේ ගේ අවධානය මේ කෙරෙහි යොමු වෙතැයි අප බලාපොරොත්තු වෙමු .