මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකය අද විවෘත කෙරේ !

0
83

NGB hospitalඩයලොග් ආයතනය විසින් ඉදිකරන්නට යෙදුන ඇදන් 10 කින් යුත් නවින පහසුකම්ද සහිත දැඩිසත්තකාර ඒකකය අද ( මැයි 29 ) සවස 5 විවෘත කිරිමට නියමිතය.
මීගමුව රෝහලේ මහල් ගොඩනැගිල්ලේ 7 වන මහලේ මෙය ඉඳිකර තිබේ.
මීගමුව රෝහලට මිට පෙර තිබුනේ සැබැවින්ම ඇදන් 04 ක් සහිත දැඩිසත්කාර ඒකකයකි.
එයට අමතරව ඩෙංගු විශේෂ ප්‍රතිකාර ඒකකය සදහාද ඇදන් 5 ක් සහිත දැඩි සත්කාර ඒකකයක් පැවතියද එය බොහෝදුරට තිබුනේ වසා දමාය. ඒ  විශේෂඥ වෛද්‍ය ලක්කුමාර විසින් එය තමන්ගේ පුද්ගලික බුදලයක් යැයි සිතා එයට පරිහරණය කරන තත්වයක් නිර්මාණය විම තිබිම නිසාය.
කෙසේ වෙතත් ඩයලොග් ආයතනය විසින් දිවයිනේ තවත් තැන් කිපයකට දැඩිසත්කාර ඒකක ස්ථාපිත කිරිමට දියත් කරන්නට යෙදුන ව්‍යාපෘතියකට අදාලව මිගමුවට මෙම විශේෂ අවස්ථාව ලැබි තිබුණි.
සැබැවින්ම මිගමුව යනු  කාලයක් තිස්සේ කුඩම්මාගේ සැලකිලි ලබන රෝහලක් ලෙස පැවැතිමත් , එයට ලැබුන ඇතැම් පහසුකම් පවා ඇතැම් කුමාර වරුන් විසින් සිය පුද්ගලික දේපල සේ සලකා කටයුතු කිරිමත් යන පසුබිමක අද විවෘත කරනු ලබන මේ දැඩිසත්කාර ඒකකය මිගමුවට සුවිශේෂි වනු ඇත.
අද විවෘත කරනු ලබන ඇදන් 10 ක් පහසුකමින් යුත් දැඩිසත්කාරයත් සමගින් මිගමුව රෝහලේ දැඩි සත්කාර ඇදන් ගණන 15 ක් දක්වා වැඩිවනු ඇත.