මීගමුව රෝහලේ දී බේරාගත හැකිව තිබූ රෝගියෙකු අකාලයේ මිය ගියා ද?

0
59


පාදයේ තිබූ තුවාලයක් නිසා ඇති වූ උණ රෝගි තත්වයට ප‍්‍රතිකාර ගැනීමට ගිය 54 හැවිරිදි   පුද්ගලයෙකු  මාර්තු 08 වැනි දින මීගමුව රෝහලට ඇතුළත් වී ඇත. ඔහු ඊයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර ඔහු ගේ මරණයට හේතුව නොසැලකිලිමත් ලෙස ප‍්‍රතිකාර කිරීම බව ඔහුගේ ඥාතීන් පවසා සිටි.

. මෙම මරණය වෛද්‍ය නොසැලකිල්ල නිසා සිදුවූ බවට ප‍්‍රධාන සාධකයක් ලෙස ඉදිරිපත් වන්නේ මොහුගේ මරණ අධිකරණ විශේෂඥ වෛද්‍ය වාර්තාවේ ඇති කරුණුය. පශ්චාත් මරණ පරික්ෂන වාර්තාවේ පැහැදිලිවම මේ මරණයට හේතුව ලෙස කකුලේ වූ තුවාලයට ප‍්‍රතිකාර නොලැබීම නිසා එම ස්ථානයෙන් විෂ බීජයක් ශරීරයට ඇතුල් වීම නිසා මෙම මරණය සිදු වී ඇති බවට සඳහන් කර තිබේ.

ඔහු පසුගිය මාර්තු 08 වැනි දින මීගමුව රෝහලට ඇතුළත් වූ  අවස්ථාවේ රෝහලේ බාහිර වෛද්‍ය ප‍්‍රතිකාර අංශයේදි මෙම රෝගියාගෙන්  සිය රෝගී තත්වය විමසා සිටින අවස්ථාවේ දි එහි සිටි   තමන් මේ වන විට වෛද්‍ය උපදෙස් අනුව පාලනය කර ගෙන සිටින හදවත් රෝගී තත්වය පිලිබඳවද එම වෛද්‍යවරයාට පවසා ඇත. ඒ අනුව වෛද්‍යවරයා මොහුව යොමු කර ඇත්තේ රෝහලේ 04 වැනි වාට්ටුවටය.

සමාන්‍යයෙන් එම වාට්ටුවේ සිටින්නේ පපුවේ අමාරු සහ වෙනත් ශාරීරික අමාරුකම් ඇති රෝගීන්ත, එහිදී  කකුලේ වූ තුවාලයට කිසිදු ප‍්‍රතිකාරයක් සිදු කර  නැති බව  ඔහුගේ වැඩිමහල් සොහොයුරු ටෙරන්ස් ප‍්‍රනාන්දු මහතා පවසා සිටි. තවදුරටත් ඔහු පවසා සිටියේ  මොහුව 06 වාට්ටුව වැනි ශළ්‍යකර්ම සිදු කරන වාට්ටුවකට ඇතුළත් කර කකුලේ වූ තුවාලයට නිසි ආකාරයෙන් ප‍්‍රතිකාර ලබා දුන්නේ නම් මොහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබූ බවයි.

මිය ගිය පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරෙක්