මීගමුව රෝහලේ ප්‍රමිතියක් නැති සායනික අපද්‍රව්‍ය දහනය කිරිමේ වැඩපිළිවෙලට ජනතාවගේ විරෝධය ?

0
85

Screenshot from 2020-12-18 21-02-04මීගමුව  මූලික රෝහලේ බැහැර කරන සායනික අපද්‍රව්‍ය  දහනය හේතුවෙන්  රෝහල අවට ප්‍රදේශවාසීන්ට විශාල අපහසුතාවයකට මුහුණ දීමට සිදුව ඇතැයි වාර්තා වේ
මේ වනවිට ඇතිවී ඇති තිබෙන  කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙහි  තත්ත්වය .තවත් බරපතල වී ඇති බව ප්‍රදේශවාසිහු පවසා  සිටිති.
මෙම අපද්‍රව්‍ය දහනය සිදුකරන දහන යන්ත්‍රය ප්‍රමිතියකින් තොරවිමත්,එහි වායු පිටවීමේ කුළුන නියමිත උසකින් යුක්ත නොවිමත් නිසා අවට පදිංචිකරුවන්ට හුස්ම ගැනීමට පවා අපහසුතත්ත්වයක් උදාවී තිබේ.
මේ සම්බන්ධයෙන් විසදුමක් ලබාදෙන ලෙස මිගමුව රෝහල අවට ප්‍ර දේශවාසීන්ගේ අත්සනින් යුක්තව ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති අතර රෝහල් බලධාරින් ඇතුළු මීගමුව නගර සභාව සහ තවත් අදාළ ආයතන කීපයක්ද  දැනුවත් කර තිබේ.

එහෙත් මේ වනතෙක් ඔවුන්ගේ ප්‍රශ්නයට විසදුමක් ලැබී නොමැත. රෝහලේ සායනික අපද්‍රව්‍ය දහනය කරන යන්ත්‍රෙය් වායු කුළුනේ උස නාගරික සීමාව තුළ තිබිය යුතු අනුමත උසට වඩා අඩුවෙන් තිබෙන බැවින් කුළුන දැනට වඩා උසකින් සකස් කරන ලෙස අවට ජනයා ඉල්ලා සිටිති.
මීගමුව රෝහල පිටුපස පිහිටා ඇති මෙම දහන යන්ත්‍රෙය් දුම ඉවසාගැනීමට නොහැකි බවත්  සමහර දිනවල නිවාස වල දොර , ජනෙල්  වසාගෙන සිටින අවස්ථා ඇති බවත්  කුඩා දරුවන් සිටින නිවාස  වල පදිංචිකරුවන් මෙම ප්‍රශ්නය නිසා මහත් පීඩනයට පත්ව සිටිති.
මෙය සමිපයේ ප්‍රසිද්ධ පාසලක් පවා පිහිටා ඇති අතර මෙම අපවිත්‍ර දහනය වන විෂ දුම එම පාසල් දරුවන්ට පවා ඉතාමත් අහිතකර බව ඔවුන් අවධාරණය කර සිටියි.
මෙම සායනික අපද්‍රව්‍ය මිගමු රෝහලට අමතරව වෙනත් රෝහල්වලින් පවා රැගෙන එන බවද කියැවේ .
කෙසේ වෙතත් මේ ප්‍රශ්ණයට කඩිනම් විසදුම් ලබාදිමට අදාල සියළු බලධාරින් නොපමාව කටයුතු කළ යුතුව තිබේ.
එසේ නොවන්නේ නම් මින් පිඩාවට පත්වන ජනයාට හට මේ සියලු බලධාරින් විසින් සිදුකරනු ලබන්නේ බලවත්ම අසාධාරණයක් වන හෙයිනි

 

මීගමුව-රෝහලේ-අපවිත්‍ර-ද්‍රව්‍ය-1මීගමුව-රෝහලේ-අපවිත්‍ර-ද්‍රව්‍ය-2මීගමුව-රෝහලේ-අපවිත්‍ර-ද්‍රව්‍ය-3