මීගමුව රෝහලේ වාතාශ්‍රයක් නැති 4 වෙනි වාට්ටුවට මුස්ලිම් පල්ලියේ අනුග්‍රහයෙන් විදුලි පංකා !

0
65

tmp_4776-image-0-02-06-ee14b58452bb245a02aac43f2ad5c4b89bee02d865d21b4523e4e29cdced4e2c-V1319157621මීගමුව රෝහලේ වාතශ්‍රයක් නැති 4 වෙනි වාට්ටුව උණ රෝගින්ගෙන් පිරි ඉතිරි ගොසිනි.දිනපතා ඉහල යමින් ඇති ඩෙංගු රෝගින්ගේ සංඛ්‍යාව රෝහල් කාර්ය මණ්ඩලයට නිසි අයුරින් සිය සේවාව ලබාදිමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ.
මේ ප්‍රශ්ණයේදි හැකි සහයක් රෝහල් පරිපාලනයට ලබාදිම සදහා මීගමුව සංවර්ධන පදනමේ මුලිකත්වයෙන් මීගමුව රෝහලේ පැවති විශේෂ රැස්විමකින් පසු එහි පැමිණ සිටි ප්‍රජා නියෝජිතයන් පිරිසක් විසින් ඩෙංගු රෝගින්ගෙන් පිරුණු  වාට්ටුවල විශේෂ නිරික්ෂණ චාරිකාවකද නිරත විය.
මෙහිදි විශේෂයෙන්ම මේ දිනවල පවතින අධික රස්සනය සහ 4 වෙනි  වාට්ටුව ඉදිකිකිරිමේදි නිසි වාතාශ්‍රයක් ලැබෙන අයුරින් එය ඉදිකර නොතිබිම නිසාත් එහි නේවාසික ප්‍රතිකාර ලබන රෝගින් මෙන්ම 24 පැයේම එහි සේවය කරනු ලබන රෝහල් කාර්ය මණ්ඩලය මහත් අපහසුවකට පත්වෙමින් සිටි.
මේ තත්වය ගැන කම්පාවට පත් මීගමුව මුස්ලිම් මහපල්ලියේ නියෝජිත පිරිසක් 4 වෙනි වාට්ටුවට ප්‍රමාණවත් අයුරින් විදුලි පංකා සවිකර දිමට අනුග්‍රහය දක්වන බවත් සතියක් ඇතුලත එය නිමකිරිමට කටයුතු කරන බවත් මීගමුව රෝහලේ අධ්‍යක්ෂිකා නිලන්ත මහත්මිය වෙත පොරොන්දු විය.