මීගමුව රෝහලේ සේවකයින්ටත් ඩෙංගු ?

0
70

Anti_Dengue
මීගමුව රෝහලේ හෙදියක් ඇතුළු  තවත් සෞඛ්‍ය සේවකයින්  හතර දෙනෙකුට ඩෙංගු වැළදි ඇතැයි ලැබුණ ආරංචිය අනුව අප රෝහල් අධ්‍යක්ෂකතමාගෙන් ඒ පිළිබදව විමසීමක් සිදුකළෙමු. ඔහු ප්‍රකාශ කෙළේ එය ඇත්තක් බවත් ඒ පිළිබදව පරීක්ෂනයක් කරමින් සිටින බවත්ය. මෙම රෝගීන්ට  රෝගය වැළදුනේ කෙසේදැයි  තවමත් නිවරදි නිගමනයකට  ආ නොහැකි බව ඔහු ප්‍රකාශ කරන ලදී. එමෙන්ම  ඔහු ප්‍රකාශ කළේ  මීගමුව රෝහල් භූමිය  පහත්ව පිහිටා ඇති හෙයින්  ජලය රදා සිටීමේ තත්ත්වයක්ද පවතින බවයි.