මීගමුව රෝහලේ හෘද රෝග ඒකකය සිහිනයක්ද ?

0
82

(11.05am) මීගමුව රෝහල සහ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා ගැන අවධානය දෙමින් පවතින ප්‍රශ්න පිළිබදව තොරතුරු විමසීමට (26 ) දා මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා හමුවී රෝහල සම්බන්ධයෙන් ඇති ගැටලු කීපයක් පිළිබඳව විමසුවෙමු.
හෘද රෝග ඒකකය ස්ථාපිත කිරීම ප්‍රමාදවිම සම්බන්ධයෙන් ඔහුගේ පිළිතුර වූයේ මේ සදහා නියමිත ස්ථානයක් නව ගොඩනැගිල්ලේ උඩ තට්ටුව යෝජනාවී ඇති බවයි. දැනට හෘද රෝග ඒකකය සදහා ලැබී ඇත්තේ ස්කෑන් යන්ත්‍රයක් පමණක් බවත් රෝහල් කමිටුව මේ සදහා ක්‍රීයාකාරීව සිටින නමුත් ල කළයුතු අනෙක් කටයුතු පිළිබදව බලනවිට මෙය සිහිනයක් වැනි දෙයක් බවත් ඔහු පැවසීය. මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය වීමේ ප්‍රමාදය ගැන විමසුවිට එයට ද මුදල් ප්‍රශ්නයක් පවතින නමුත් සුළුවෙන් එහි වැඩකටයුතු සිදුවන බවත් ඔහු වැවසීය
එසේම 2017 වසරේදී ඩෙංගු වසංගතය උත්සන්න වූ කාලයේදී රෝහලට සෞඛ්‍ය සහායක සේවක පිරිසක් බදවාගෙන තිබු හෙයින් ඔවුන්ගේ රැකියාවේ ප්‍රශ්න ගැනද වෛද්‍ය අධිකාරීවරයාගෙන් විමසීමක් කරන ලදී. මේ අය තාවකාලිකව බදවාගෙන ඇති බවත් එනිසා පැය 8ක වැඩමුරයක් යටතේ සේවය කළයුතු බවත්, අතිකාල නැතිබවත් ඔහුගේ අදහස විය. . මීගමුව රෝහලේ සංවර්ධනය සම්බන්ධයෙන් මාධ්‍ය භාවිතාව පිළිබඳව ඔහුගේ අත්දැකීම වීඇත්තේ කියන දෙයට වඩා වෙනස් දෙයක් ලියැවෙන බවයි. එනිසාම මාධ්‍යට තොරතුරු ලබාදීමට වැඩි පෙළඹීමක් නැති බව ඔහු ප්‍රකාශ කරන ලදි.