මීගමුව වැල්ලට හුරුල්ලෝ එන්න පටන් අරන් ….

0
262

1මොකද අප්පා මේ තරම් මාළු ගණන් කියල අපි මාළු කාරයන්ගෙන් ඇහව්වාම පහුගිය කාලේ එයා හැමදාම කිව්වේ  කෝ නෝනා වැල්ලේ මාළු හිගයි කියලයි.
ඉතින් ගාණ ටිකක් හරි අඩුවෙන් මාළු ගන්න බලන් හිටපු අයට ඔන්න දැන් කාලේ ඇවිත් …
මීගමුව වැල්ලට දැන් පොඩි මාළු  යහමින් එන්න පටන් අරන් .
වැල්ලේ දැන් හුරුල්ලෝ කිලෝ එකක් රු 120 ට යන්න පටන් අරන් …
වෙල්ල සුඩයෝ  විතරක් නෙමෙයි හාල්මැස්සෝ එහෙමත් දැන් වැල්ලේ පිරිල …
ගණන් එහෙමත් අඩුයි .වෙල්ල සුඩයෝ  කිලෝ එකක් රු 130 යි .
ධිවරයෝ කියන්නේ මෙහෙම මාළු අහුවෙන්න පටන්ගන්නේ තලවිල මංගල්‍ය තියෙන කාලෙට  මේ විදියට  ඔක්තෝබර් වෙනකම්ම මාළු අහුවෙනවා කියලයි එයාල කියන්නේ .
හුරුල්ලෙක් බැදගෙන සප්පයාම් වෙන්න අසාවෙන් ඉන්න අයට මේක හොද පණිවිඩයක් වෙන්නත් පුළුවන් …

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here