මීගමුව ශ්‍රිලනිප මන්ත්‍රින් තිදෙනෙක් මහින්ද ලගට නොයති !

0
38

mps at Mrශ්‍රිලංකාවේ දැනට ක්‍රියාත්මක මහනගර සභා අතර ප්‍රධාන තැනක් ගන්නා මීගමුව මහනගර සභාවේ ශ්‍රිලනිප ජේෂ්ඨ නාගරික මන්ත්‍රිවරුන් තිදෙනෙක් අද පැවැති මහින්ද පිළේ රැස්විමට සහභාගිව සිටියේ නැත.
ඒ නගරාධිති ඇන්ටන් ජයවීර,නාගරික මන්ත්‍රි කපිල නන්දසු ලෝචන සහ නාගරික මන්ත්‍රි ෆරිස්ය.
මේ අතර උප නගරාධිපති දයාන් ලංසාද එහි ගොස් තිබුනේ නැත.
ඒ එහි යන්නට ඇති අකමැත්ත නිසා නොව සිය ඇමති සොහොයුරාගේ සැලැස්මට අනුව එලිපිටට එන්නට තවත් කල් අල්ලන් සිටිය යුතු නිසාය.
එබැවින් ඔහු මඩු පල්ලි ගොස් ඇතැයි එක් ප්‍රචාරයක්ද රැස්විමට පැමිණිමට නොහැකි අයුරින් රෝගිව ඇතැයිද වන ප්‍රචාරයන් දෙකක් ඊයේ දිනයේ එහා මෙහා පාවෙනු දුටිමු.