මීගමුව ශ්‍රිලනිප සංවිධායක කාර්යාලයේත් ලංසාගේ ඔත්තුකරුවෙක් ?

0
47

spy 1මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක ලලිත් ටෙන්සිල් ලග සිටින ලේකම්වරයෙකු  කලින් ඇමති නිමල් ලංසා ලගද සිටි ලේකම්වරයෙකි.
ඇමති ලංසා ඉතාමත් සුක්ෂම ආකාරයෙන් ඔහුව මේ තනතුර තුල ස්ථාපිත කර තිබුනේ මීගමුව පිලිබදව වැදගත් තොරතුරු සියල්ල එසැනින් ලබාගැනිම සදහාය.
මේ ඔත්තුසේවාව ඊයේ දිනය තුල ක්‍රියාත්මක වු ආකාරය ගැන ඉතාමත් හොදින් දන්නේ පොහොට්ටුවේ මීගමු ප්‍රබලයෙකු වන සරත් ගුණරත්නය.
පළාත් සභා මන්ත්‍රි එම් සකාවුල්ලා මෛත්‍රි පිළට යෑමට ඇති සුදානම ගැන සියළු තොරතුරු එසැනින් ලංසා වෙතටත් ඉන් අනතුරුව සරත් ඇතුළු අන්අයටත් ගලාගිය හැටි දැන් පැහැදිලිය.
මේ ගැන විමසිම සදහා අප ලලිත් ටෙන්සිල්ව සම්බන්ධ කරගැනිමට අවස්ථා ගණනාවකදිම උත්සාහ කළද එය අසාර්ථක විය.
මේ අකාරයෙන්ම තවත් ඔත්තුකරුවන් පිරිසක් ගැන අපට මේ වන විට තොරතුරු ලැබෙමින් පවති.
මීගමුව තුල රාජපක්ෂ ලංසා හවුල් පාලනය තිරාණාත්මකව පරාජය කිරිම අද මීගමුව ප්‍රගිතිශිලි ජනයා අත රැදි ප්‍රධානතම වගකිමයි.
ඒ සදහා උදව්වක් ලෙසින් මේ ඔත්තුකරුවන් සියළු දෙනා කව්රුන් දැයි අප ඉදිරියේදි  හෙළිදරව් කරන්නෙමු.