(11.00 am ) පාකිස්ථානය තුල ක්‍රියාත්මක ආගමික අන්තවාදයන් හේතුවෙන් එහි වෙසෙන සුළුතර ආගමික කණ්ඩායම් මහත්වු පිඩාවකට ලක්ව සිටිති.
මේ අය අතර අහමදියා මුස්ලිම් ජනයා මෙන්ම කතෝලික බැතිමතුන්ද වෙති.
පසුගිය කාලය තුල මේ පිරිස් සරණාගතයන් ලෙස පැමිණ තිබුනේ කවදත් සාමකාමි නගරයක් සේ පැවැති මීගමුව වෙතය.
ඒ සරණගාතයන් පිළිබද එක්සත් ජාතින්ගේ මහකොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි සරණාගතයන් ලෙසින්ය.මීගමුවේ පසුගිය පාස්කු ඉරුදින සිදුවු ඛේදවාකයත් ඉන් අනතුරුව රටතුල සිදුව ඇති සකලාකාර වර්ධනයන් සමගින් මීගමුවේ කුලි නිවෙස්වල පදිංචි මේ සරණාගත ජනයාටද සිය වැඩි ආරක්ෂාව පතා පොලිසියේ සරණ පැතිමට සිදුවිය.
පොලිසිය විසින් එහි සිටි අහමදියා මුස්ලිම් භක්තියන්ව මිගමුවේ පිහිටි අහමදියා දේවස්ථානය වෙත යවා තිබුණ අතර එයට ආරක්ෂාවද සපයා තිබුණි.
එහෙත් එහි ඉඩකඩ මදිවිම හේතුවෙන් පසුගිය දිනක මේ අයගෙන් පිරිසක් පස්යාලේ පිහිටි අහමදියා ආගමික මධ්‍යස්ථානයට යවා තිබුණි.
ඊයේ දිනයේ එහි පැමිණි පස්යාල ප්‍රදේශයේ පිරිසක් මේ සරණගාතයන් රටින් පිටුවහල් කළ යුතු යැයි කියමින් සිය විරෝධය පළකර තිබුණි.
මේ ගැන අප කළ විමසුමකදි දැනගන්නට ලැබුනේ දින 5 ක් ඇතුලත පස්යාලෙන් මේ සරණගාත පිරිස ඉවත් කළ යුතුයැයි එහි පැමිණ ඇති පිරිසක් තර්ජනය කර ඇති බවය.
මේ අයට ජිවිතආරක්ෂාව සැපයිම දැන් ශ්‍රිලාංකික රජය සතු වගකිමක් ලෙස පවති. ජාත්‍යන්තර සරණාගතයන් පිළිබද පිළිවෙත් ප්‍රකාර ශ්‍රි ලංකා රජයද ඊට අත්සන් තබා ඇති පසුබිමක මෙසේ අසරණභාවයට පත්ව ඇති සරණාගතයන්ගේ ජිවිත ආරක්ෂාව පතා ස්ථිරසාර වැඩපිළිවෙලක් දැන් අනුගමනය කළ යුතුව තිබේ.
රටතුල මතුව දරුණු ඛෙදවාචකයෙන් වැඩිපුරම පිඩාවට පත් මිගමුවේත් අන් පළාත්වලත් කිතුණු ජනයා සිය සභාවේ ආගමික නායකයන්ගේ මගපෙන්විම ඔස්සේ කිසිදු පිඩාකාරි මැදිහත්විමකට ගියේ නැත.
මිගමුව තුල මේ සරණගාතයන් සිය අහමදියා දේවස්ථානය තුල ගාල්වෙද්දි කිතුණු ජනයා එය වටකර තර්ජනය කරන්නට කටයුතු කර නොතිබුනෙ සිය ආගමික හික්මිම නිසාමය.
එහෙත් දැන් පස්යාලේ තත්වය වෙනස්ය.
මිගමුවත් පස්යාලත් අතර වෙනස දැන් එක් දිනයක් තුලදි මුළු ලෝකයටම පෙන්වා දි හමාරය.