මීගමුව සුපිරි බස්නැවතුම හැදුවෙත් සුදුසුකම් නැති කොත්ත්‍රාත්කාරයෝ..වෙන්නප්පුවෙත් එහෙමයි?

0
90

BusP_110580264_771440919565310_8085150832280007184_nඉදිකරමින් තිබුණ වෙන්නප්පුව බස්නැවතුම මුළුමනින්ම කඩා වැටිම වෙන්නප්පුවේ පමණක් නොව මුළු රටේම කතාබහට ලක්වුවක් විය.
රාජ්‍ය ඉජිනේරු සංස්ථාව පසුගිය දිනක මාධ්‍ය වෙත පවසා තිබුනේ එය ඔවුන්ට කිසිදු පාඩුවක් සිදුකර නැති බවත් අදාල කොන්ත්‍රාත්කරු ලවාම මෙය යළිත් නිමකරන බවත්ය,
ඉදිකරමින් ඇති ගොඩනැගිල්ලක් කඩා වැටිම යනු එය ඉදිකරන්නාගේ ඇති නොහැකියාව එහෙම පිටින්ම ප්‍රදර්ශනය කිරිමකි.ථ
වාර්ථා වන අන්දමට මෙම ගොඩනැගිල්ල සදහා ඉදිකර තිබු සැටලිම රදවා තබා ඇත්තේ උණ බම්බු ආධාරයෙනි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විපක්ෂ මන්ත්‍රිවරයෙකු සදහන් කර සිටියේ මෙම බස්නැවතුම් පළ ව්‍යාපෘතිය එහෙම පිටින්ම වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපතිවරයාගේ හිතුවක්කාර වැඩක් බවය.
මීගමුව බස්නැවතුම ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව නිළ වශයෙන් ලබාගත් ශ්‍රේණිගත ස්ක්වෙයාර් මෙක් නැමැති ආයතනයයි.
එහෙත් එය ඉදිකරනු ලැබුවේ එවන් දැවැන්ත ගොඩනැගිල්ලක් ජිවිතේටම  හදානැති මීගමුවේ කිසිදු සුදුසුකමක් නැති කොන්ත්‍රාත්කරුවෙකු විසිනි.
දේශපාලකයන්ට අවැසි වන්නේ කොන්ත්‍රාත්කරුවන් දෙපිරිසෙන්ම කොමිස් ගැනිම මිස එහි ප්‍රමිතිය නම් නොවේ.