මීගමුවට A ශ්‍රේණියේ ආපනශාලා නැත්තේ ඇයි ?

0
258

IMG_20150410_110747මීගමුව යනු ගම්පහ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම ඉදිරියට ඇදෙන ව්‍යාපාරික නගරයයි. පෙයරියමුල්ල යනු එහි නොනිදන  තැනයි.කොළඹ හලාවත මාර්ගයෙහි පිහිටි සුපිරිතම ආපනශාලා ගොන්න එහි වෙයි.
ශ්‍රිලංකාව තුල දැන් ආහාර වෙනුවෙන් මාසයක කාලයක් ප්‍රකාශයට පත්ව තිබේ.
ඒ වෙනුයෙන් මීගමුවේ මහජන පරික්ෂකවරුන් අපිරිසිදු ආපනශාලා සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කොට තිබේ.
ඒ අනුව නගරයේ අපිරිසිදු තැන් කිපයකටම දනටමත් නඩු පවරා තිබේ.
එහෙත් මේ නගරයේ ඇති කැපි පෙනෙන එක් අඩුපාඩුවක් වේ.
එනම් වෙනත් නගරවල මෙන් මෙහි ඇති එක් ආපනශාලාවකටවත් A ශ්‍රේණියේ ආපනශාලාවක් යැයි සදහන් පුවරුවක් නොවිමයි.ඉන් කියැවෙන්නේ කුමක්ද ?A ශ්‍රේණියේ යැයි සහතික දියහැකි තරමේ ආපනශාලා නැතිබවද ?
නැත එය එසේ නොවේ .මීගමුවේ නගර  සභාව සහ එහි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මේ ආපනශාලා ශ්‍රේණිගත කිරිම තවමත් සිදුකර නොමැති කම නිසාය.
ඒ පිළිබදව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයාගෙන්ද විමසා සිටින හැම අවස්ථාවකම ඔවුන් කියන්නේ අදාල තොරතුරු සියල්ල එක්රැස්කර තිබේන බවයි.
එහෙත් කිසිදිනක මේ ශ්‍රේණි ගත කිරිම කළඑළි බසින්නේ නැත.
මේ ආහාර මාසයේදිවත් මීගමුවේ මහත් කැපකිරිම් වලින් යුතුව සුපිරි මට්ටමේ ආපනශාලා පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයන්ගේ ශ්‍රමයට ගරු කරමින් ඒවා ශ්‍රේණිගත කිරිම සදහා පළාත් පාලන නිතිය යටතේ ඇති H 800 නම්වු ආපන ශාලා වර්ගිකරණය වැඩවසටහන් ක්‍රියාත්මක කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගනු ඇතැයි විශ්වාස කරමු.