මිගමු ජනතා ඒකාබද්ධ සංවිධානයේ නිවාස හා ඉඩම් අහිමි ජනයා ඉඩම් අයිතිය සඳහා වන PARL සංවිධානයේ මගපෙන්වීමෙන් සැකසුණු ජනතා ඉඩම් කොමිසමට මිගමුවේ ඉඩම් අහිමි ජනයා තම දුක් ගැණවිලි ඉදිරිපත් කරන හමුවක්.මිගමුව අංක 64 හලාවත පාරේ ජනාවබෝධ කේන්ද්‍රයේදි පැවැත්විණි.
මිගමුවේ ආන්තික ජනතාව දශක ගණනාවක් පුරාවට තමන්ටම යැයි කියා ඉඩමක් අහිමිකම හේතුවෙන් බරපතල ප්‍රශ්ණ රැසකට මුහුණ පා තිබේ.
පසුගිය දශක ගණනාව පුරාවට මිගමුවේ ඉඩම් භාවිතාව පිළිබද ප්‍රතිපත්තිය වි තිබුනේ ලංසා පවුලේ කැමැත්තය
මිගමුවෙි කිසිදු බහුජන සංවිධානයක් මේ දුෂිත ප්‍රතිපත්තියට අභියෝග කිරිමට අසමත්විම අද මිගමුවේ අසරණ ඉඩම් අහිමි ජනයා මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වි තිබේ.නිදහසුනක් ලෙසින් ලංසා පාලනය මිගමුවේ කඩොලාන අක්කර 8ක් හිතුමතේ කපා විනාශ කරද්දි මිගමුවේ කිසිදු සිවිල් සංවිධානයක් ඊට එරෙහිව හඬ නැගුවේද නැත.මෙය සැබැවින්ම අවාසනාවන්ත තත්වයකි.