spot_img
spot_img
Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Stories මීගමුවට ගේන්න හැදු ‘තබුවා’ සමඟ අයෙක් අත්අඩංගුවට ?

මීගමුවට ගේන්න හැදු ‘තබුවා’ සමඟ අයෙක් අත්අඩංගුවට ?

0
184

තබුවා‘තබුවා‘ නම් මත්ස්‍ය විශේෂය   මරා කැබලි කර ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කල්පිටිය වෙරළ ආරක්ෂක බළකාය මගින්,කල්පිටිය ධීවර වරායේදී  අත් අඩංගුවට ගෙන, පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්‍යාලය ට පසුගිය දා භාර දී තිබුණි.මෙම  සැකකරු  විසින් තබුවා බත්තලගුන්ඩුව දූපතේ සිට,මීගමුව බලා රැගෙන යාමට සූදානම් කර තිබිය දී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

1996 අංක දෙක දරණ ධීවර පනතේ 61 වගන්තියට අනුව, තබුවා මත්ස්‍යා සන්තකයේ තබා ගැනීම,මැරීම සහ විකිණීම සපුරා තහනම් බැව්,පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසීය.
තබුවා මත්ස්‍යා  මුහුදු පතුලේ ගල් පර වැළි වලින් වැසුණු විට,ඒවා පිරිසිදු කොට, මසුන්ට බිජු ලෑමට සුදු ලෙස සකසන බව ඒ මහතා පවසයි.
තබුවා සහ ඉස්සන් අතර සහජීවන ක්‍රියාවක් පවතින බවත්,ඉස්සන් පැටවුන් තබුවාගේ මුඛය තුළ රදවා ගන්නා බවත්,ඒ මහතා පැවසුවේ ය.සැකකරු බත්තලගුන්ඩුව පදිංචි 35 හැවිරිදි සංක්‍රමණික ධීවරයෙකි.
සැකකරු පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත පමුණුවා තිබුණි.
මුලාශ්‍රය- ලංකාදිප