මීගමුවට තවත් ගසක් අහිමි වෙයි ?

0
70

මීගමුවේ  ආර්පිකෝ   ආයතනය  අසල  මහ  ගස  කපාදමයි….

????????????????????????????????????

ඊයේ  (13දා)   ආර්පිකෝ  ආයතනය  අසල  තිබුණු    විසල්  ගස  කපා ඉවත්කරගෙන  ඇති අතර  එහි  මුල්  කොටස   එම  ගසේ  අතුවලින්  වසාඇත.  අවට  සිටි  අයගෙන්  විමසූවිට   ඔවුන්  කීවේ  මාර්ග  සංවර්ධන  අධිකාරියෙන්   ගස කැපූ බවයි.  අප  මේ පිළිබදව  මාර්ග  සංවර්ධන  අධිකාරියේ   T  O  මහතාගෙන්   විමසා සිටියෙමු.  ඔහුට  අනුව  මෙම  ගස පිළිබදව  පැමිණිලි  රාසියක්  ලැබුණු  හෙයින්   සහ  ගසේ  මැද  කොටස  දිරාපත්ව ඇති  බැවිනුත්  දැවසංස්ථාව  විසින්  ගස  කැපූ බවයි.   මේ  ගැන  ප්‍රාදේශීය  ලේකම්   තුමාගෙන්  විමසූ විට  තමා  ඒගැන  නොදන්නා  බවත් ,   ඊට  අදාල   හේතු  සාධක මත  මෙවැනි   ගස්  කැපීමේ  බලය    මාර්ග  සංවර්ධන  අධිකාරියට  ඇතිබවත්,ඔහු  ප්‍රකාශ  කරන ලදී.

ප්‍රශ්ණය  වන්නේ  මීගමු  නගරයේ   වසර  ගනනාවක්  පැරණි    ගස්  කැපීම  ප්‍රවණතාවයක්    ලෙස  සිදුවෙමින් තිබීමයි.  ඒ සදහා  විවිධ  හේතුද   ඉදිරිපත්වේ.  ගසක්   කැපීම  ලෙහෙසිය   නමුත්  ගසක්   මහගසක්  වීමට   පරම්පරා  ගනනාවක්   ගතවේ .  මේනිසා  පරිසරයට   සිදුවන  බලපෑම   කුඩා  දරුවෙකු  පවා  දනී. අප  මෙම  ප්‍රශ්ණය  මතු  කරන්නේ   ඉතිරිවී  ඇති  ගස්  වලටද  මේ  ආකාරයෙන්  පැමිණිළි   ඇවිත්  එමගස්  ද  කැපී  යාමට  ඉඩ  ඇති  බැවිනි.  ජනතාවට  පොදු    ස්ථාන  වල  සිදුවන  සියළු  දේවල්   පැවසිය  යුතුයැයි  අප   නොකියමු.   එසේම  අදාල  වූ  පමණින්   කෙරෙන  හැම  දෙයම  නිවැරදි  නොවන  බවද  මතක්  කරමු.