මීගමුවට වැඩිම බලපෑම පෑලියගොඩ පොකුරෙන් ! එකම පවුලේ 5 කටත් කොරෝනා……

0
67

Corona-poci-web-825x412මීගමුවේ කොරෝනා ආසාදිත රෝගින් ගණන 151 ක් දක්වා ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරින් පවසා සිටිති.මේ අයගෙන් බහුතරයක් දෙනා පෑලියගොඩ මාළු වෙළඳ සැල කේන්ද්‍රකොට බිහිව ඇති පොකුරට සම්බන්ධ අයවලුන් වෙති.
මේ අය අතර දුන්ගාල්පිටි ප්‍රදේශයේ එකම පවුලේ  5 දෙනෙකුද වේ.මේ පවුලේ පියා පෑලියගොඩ මාළු වෙළද සැල හා සම්බන්ධව ව්‍යාපාරික කටයුතු කළ අයෙකු බව වාර්ථා වේ.ඊයේ සවස් වරුවේ ලැබුන වාර්ථා වලින් හෙළිව තිබුනේ එකි පවුලේ මව සහ දරුවන් තිදෙනාටද වෛරසය ආසාදනය වි ඇති බවය.
මිගමුව තුල අවදානම් තත්වය තවමත් පහව ගොස් නැති පසුබිමක ලබන සඳුදා ඇඳිරි නීතිය කිසියම් අයුරකින් ලිහිල් වන්නේ නම්  එලියට එන යන සියළු දෙනාට ඒ අයගේ මෙන්ම අන් අයගේද ජිවිතවලට විශාල වගකීමක් පැවරි ඇති බව නිරන්තරයෙන්ම සිහිතබාගෙන ඉතා වගකිමෙන් යුතුව කටයුතු කළ යුතුව තිබේ.
මිගමුව තවමත් ඇත්තේ රතු කලාපයක බව කිසිවෙකුත් විසින් අමතක නොකළ යුතුව තිබේ.