මීගමුවට හොඳ දොස්තර කව්ද ?

0
77

dr.henry 4මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තවත් ඇත්තේ හරියටම සතියකි.මේ සතිය යනු මිගමු තුල කළු සල්ලි වලින් වැජඹෙන දේශපාලකයන් විසින් හිතුමතේ සල්ලි පොම්ම කරනු ලබන සතියයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම සංවර්ධනය කරා ගෙන යා හැකි ප්‍රධාන නගරය මිගමුව වුවත් එය අද ඇත්තේ හොර මුලක් අතේය.
එය ගලවා ගැනිම සදහා පැහැදිලි දේශපාලන නායකත්වයක් මිගමුවට අවැසිව තිබේ.
ඒ සදහා විවිධ දේශපාලන බලවේගයන් විසින් මේ කළු සල්ලි පවුලෙන් මිගමුව මුදවා ගැනිමට සැලසුම් ගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පෙනේ.
මේ අතර මිගමුවට බුද්ධිමත් ශක්තිමත් තරුණ දේශපාලන නායකත්වයක අවශ්‍යතාවයද අද වෙනදාටත් වඩා ප්‍රබලව මතුව එමින් තිබේ.
මෙවර මිගමුව තරඟ වදින දොස්තර දෙදෙනෙකි.
එක් අයෙකු බේත් දෙන දොස්තර කෙනෙකි.
අනෙකාගේ නම ඉදිරියෙන් දොස්තර කෑල්ලක් තිබුණද ලෙඩ්ඩුන්ට බේත් නොදෙන දොස්තර කෙනෙකි. හැබැයි ඔහු රටේ වෙදෙකි.අවස්ථාදියෙකි.
මිගමුව දේශපාලන ඉතිහාසය තුල වාම ප්‍රවේශක් ශක්තිමත් ලෙසින් ගොඩනගන්නට මුල්වු දොස්තර කෙනෙකුද විය.
ඔහු දොස්තර හෙක්ටර් ප්‍රනාන්දුය.
මිගමුවට දැන් යළිත් වාම ප්‍රවේශයක් කැදවාගෙන එන දොස්තර කෙනෙකු ලැබි තිබේ.ඔහු නමින් හෙන්රි රොසයිරෝය.
හිටපු එජාප නාගරික මන්ත්‍රිවරයෙකුද වන අතර ලංසා පවුල හා කරට කර අභියෝගාත්මක දේශපාලනයක නියැලුන අයෙකුද වෙයි.
සජිත් පිළෙන් බේත් නොදෙන දොස්තර කෙනෙකු මෙවර මැතිවරණයට ඉල්ලද්දි ජාතික ජනබලවේගය ඇත්ත දොස්තර කෙනෙකු මිගමු දේශපාලනයට ඉදිරිපත් කොට තිබේ.
රටේ වෙදෙකු වු සජිත් පිළේ බේත් නොදෙන දොස්තර යනු ලංසා පවුලේ වලියක් වුවද වැල්ලවිදිය සිය ගම කොට ගත් දොස්තර හෙන්රි ලංසා පවුලේ මජර දේශපාලනයට එරෙහිව කර කර ලංසා පවුල හා හැප්පුන අයෙකි.
ඉතින් මිගමුවේ බුද්ධිමත් ජනයා තෝරාගත යුුතු හොද දොස්තර කව්දැයි දැන් කථා දෙකක් නැත.106992082_1488536397997410_7131204703965500357_nJVP gamapahaha