හොරුන් විසින් සොරකම් කරන්නේ මිනිසුන්ට අයත් දෙපළ පමණක් නොව සත්ව ජීවිත ද ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගනියි.
පසුගිය කාලයේ මීගමු හා අවට ප්‍රදේශ වලින් ගවයින් සොරකම් කිරීම් කිහිපයක්ම වාර්තා වූ අතර අපට වාර්තා වූ ආසන්නම සිද්ධිය සිදුවූ තිබුණේ පෙරියමුල්ල ප්‍රදේශයෙනි.
එම එළදෙනෙගේ අයිතිකරුවන් ඇයව මිළට ගෙන තිබුණේ මරණයෙන් බේරාගැනීම පිණිසය. පසුව පැටවෙකු ද ප්‍රසූත කළ මෙම එළදෙන නැවතත් ගැබ්බරව සිටියාය. දැනට සති දෙකකට පමණ පෙර කිසියම් පුද්ගලයෙකු විසින් ඇයව සොරකම් කරගෙන තිබෙන්නේ ඒ අවට කිසිවෙකුටත් නොදැනෙන පරිදිය.
මා හට මෙම සිදුවිම ගැන දැනගන්නට ලැබුණේ ඒ ආසන්නයේම තිබෙන සත්ව සායනයේදී වන අතර ඔවුන් ඉතාම කණගාටුවෙන් පවසා සිටියේ සිය මව නොමැතිව තවමත් කිරි බොමින් සිටින පැටවා අම්මා සොයමින් කෑ ගසන බවයි. ඇයව තණකොල කෑම පිණිස අසල වත්තක ගැස ගසා තිබුණ අතර කෙසේ හෝ මේ සොරකම සිදුවී තිබේ.
මීගමුව අවට මාවත් වල නිතර අයාලේ යන ගවයින් දක්නට ලැබෙන අතර ඔවුන්ගේ අයිතිකරුවන් මෙම සත්වයින් ගැන නිරන්තර සොයා බැලීමක් නොමැත.
කදිරාන ප්‍රදේශයේ ඇති දේවාලයකට ද විශාල ගවයින් ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇති අතර එම ගවයින්ද දවල් කාලයේ මෙන්ම රාත්‍රියේද නිදැල්ලේ මහ මග සැරි සැරීම නිතර දක්නට ලැබෙන දසුනකි. මෙම ගවයින් මෙම දේවාලයට පූජා කරන්නේ මරණයට කැපවී සිටි ගවයින් මුදල් දී බෙරාගෙනය. නමුත් මෙම ගවයින් බලාගැනීමට හෝ නඩත්තු කිරීමට නිසි වැඩපිලිවෙලක් නැති නිසා ඔවුන්ගේ ජීවිත නැවතත් අනතුරේ වැටෙයි. හරක් සොරුන් විසින් ඔවුන්ව නැවතත් සොරකම් කර ගෙන ගොස් මස් කරති.
ඊළග ගැටලුව වන්නේ මෙම හරක් සොරුන් මීගමුව හා අවට මස් කඩ හා සම්බන්ධයක් තිබෙනවාද යන්නයි. එම ස්ථානයේදීම හරක් සොරාව අල්ලා නොගත්තොත් ඔවුන් අල්ලාගැනීමට වෙනත් මාර්ගයක් නොමැත. සොරකම් කළ ගවයින් කොහේ ගෙනයනවාද කියා කිසිවෙකුටත් සිතා ගත නොහැක. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ පොලීසියට පමණි. නමුත් පොලීසියට දැනුම් දෙන විට ද කාලයක් ගතවි හමාරය. එසේ නමුත් හරක් ප්‍රවාහනය කිරීමට අදාළ නීති රීති අනුව යම් වැටලීමක් කළ හැකිය.කෙසේ වුවත් වඩාත් ප්‍රායෝගික වන්නේ ගවයින් ඇති කරනවා නම් නිදැල්ලේ තබන්නේ නැතිව හොදින් රැක බලාගැනීමයි