මීගමුවෙන් , IDH යැවු රෝගියා ආසාදිතයෙකු බව යළි තහවුරුවෙයි.

0
147

ආවේ මරියා ..

ආවේ මරියා රෝහලේ හමුවූ රෝගියා ඊයේ නවලෝක රෝහලේ පරීක්ෂණ වලින් ද කො⁣රෝනා ආසාදිතයෙකු බව තහවුරු වි තිබුන අතර , පසුව IDH රෝහලේදි සිදුකර ඇති PCR පරික්ෂණයේදිද කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වි තිබේ.

මේ තත්වය හමුවේ ආවේ මරියා රෝහලේ වෛද්‍ය ,හෙද ඇතුලු සෙසු කාර්ය මණ්ඩල සමාජිකයන් මෙන්ම රෝගීන්ද රෝහල තුලදිම නිරෝධායනයට ලක්කර තිබේ. මේ සමස්ත පිරිස 50 කට පමන ආසන්න බවද සැලය.එසේම ආවේ මරියා රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්‍යමණ්ඩලයේ PCR පරීක්ෂණ කටයුතු තවමත් සිදුව නොමැති අතර සියළු දෙනාගේ පරීක්ෂණ කටයුතු මෙම රෝහලේදීම සිදුකිරිමට නියමිතව තිබේ. එතෙක් මෙම පවුල් වල සාමාජිකයින් බියපත් වී සිටිති.රෝහල් කාර්යය මණ්ඩලය  ආරක්ෂිතව කටයුතු කර ඇති බැවින් බියවිමට හේතුවක් නැතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.