මීගමුවේ සුළුපන්න ධීවරයා අනතුරේ

0
204
????????????????????????????????????

කලපු රස්සාවේ යෙදෙන ලීනස් මහතා මුන්නක්කරය ප්‍රදේශයේ කුඩා ඔරුවකින්  ඉස්සන් රස්සාවට යන 63 හැවිරිදි ධිවරයෙක්.
” අපි කලපු යන්නේ ඉස්සන්ට. තවත් පොඩි මාළුත් අපේ  දැලට අසු වෙනවා. වේක්කයා, පරා පැටව් ඔ්රාවා,කලංදා,ගොඩයා,අගුලුවා, වෙල්ලසූඩයා,සෙරයාවා, වගේ මාළු තමයි අල්ලන්නේ. ඉස්සර නම් හොද ආදායමක් ලැබුණෘ.  ඒ වුණාට අද රු 2000ක මාලු ඇල්ලුවත්  අපිට ලැඛෙන්නේ රු 700ක් 800ක් වගේ මුදලක්.ඉතින් කොහොමද? අපි ජීවත්වෙන්නේ. මහා ඔරුවක මුහුදු ඉස්සන් සදහා යන ඇන්ටන් ප්‍රැන්සිස් මහතාද  මේ අදහස තහවුරු කරමින්  ඉස්සන්ගේ  හිගකම සහ ජීවත්වීමේ අමාරුව ගැන කතා කළා.
අපිට සුළඟ තිබුණොත් තමයි රස්සාව කරන්න පුලුවන්.” නැත්නම් රස්සාවට යන්න බෑ. ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න   වෙනවා  මුහුදෙදි.
සිරිවර්ධන  පෙදෙසේ ෂෙල්ටන් කිව්වේ  තවත් අදහසක්
මේ අකාරයට  සුළු පන්න ධිවරයා කලකිරීමෙන් යුතුව  තමන්ගේ රස්සාව  කරගෙන  යන අතරදි තමන්ට මුහුණ දීමට තිඛෙන ගැටළු  පෙන්වා දුන්නද පුටු රත්කරන මහත්වරු මේ පිලිබදව  මැදිහත්වෙන ආකාරය පිලිකුල්  සහගත බව  ධිවර ජනතාවගේ අදහසයි. මීගමුවේ   ධිවර  කාර්යාලය   වෙත සහ ඉන්  පිට සියලු  වගකිවයුත්තන්  හට මේ පිළිබදව  සාධාරණවූ  විමසීමක්  කිරිමට කාලය  කාලය  පැමිණ ඇතැයි අපි මතක්  කරන්නෙමු. DSC_0121

????????????????????????????????????

????????????????????????????????????

සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි