මීගමුවේදී අත්අඩංගුවට ගත් ඖෂධ අළෙවිකර ඇත්තේ කාටද ?

0
117

Mhoje_medicines_photo_jpg-1මහා පරිමාණයෙන්  ලෙස කරගෙන ගිය  ගෙන ඖෂධ ජාවාරමක් පසුගියදා මීගමුවේදී වටලද ලදී.  මීගමුවේ ස්ථාන දෙකක ගබඩා කර තිබූ මෙරටට ආනයනය කළ රුපියල් කෝටියක් වටිනා නීති විරෝධී ඖෂධ තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.
ඉන්දියාවෙන් හා යුරෝපා රටවලින් මෙම ඖෂධ තොගය ආනයනය කැර ඇති බවත් එම ඖෂධ මෙරට ලියාපදිංචි නොකළ ඒවා බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා ප්‍රකාශ කරන ලදී.

අධික මිල ගණන්වලින් යුක්ත පිළිකා නාශක, හෘදයාබාධ ඖෂධ යනාදිය මෙම නීති විරෝධි ඖෂධ ජාවාරමට ඇතුළත් බවත් විදෙස් රටවලින් අඩුම මිලකට ආනයනය කැර වැඩි මිලකට මෙරටදී අලෙවි කිරීම අදාළ පුද්ගලයා කාලයක් තිස්සේ කැර ගෙන ගොස් ඇති බවත් එහිදී ඒ මහතා පැවැසුවේය.

දැනට සොයා ගත් කරුණුවලට අනුව මෙරට ප්‍රධාන ඔසුසල් වෙතද මෙම නීති විරෝධි ඖෂධ අලෙවි කැර ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කැර ගනිමින් පවතින්නේ යැයි දල ඖෂධ අලෙවිය සඳහා මේ පුද්ගලයා වැටලීම සිදු කළ ස්ථානයට අදාළව නොව වෙනත් ස්ථානයකට අදාළව බලපත්‍රයක් ගෙන ඇති බවට කරුණු හෙළි වූයේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කෙළේය.
මහා පරිමාණයෙන් නීති විරෝධීව කැර ගෙන ගිය මෙම ඖෂධ ජාවාරමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදි ගැනීම සිදු කරන බව ද ඔහු පැවැසුවේය.