මීගමුවේ H 800 යට මොකද වුනේ ???

0
50

මීගමුවේ පවතින හෝටල් වඩා පිරිසිදු හෝටල් බවට පත්කිරිම අරමුණ කොට ගෙන ආරම්භකරන ලද  H 800  වැඩසටහන දැන් වසර කිපයක් පුරා නිමකරන බවට කී මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය අදටත් මේ සම්බන්ධයෙන් එහි ප්‍රථිපල නිසි අයුරින් මහජනයාට ඉදිරිපත් කර ඇතැයි අප නම් නොදනිමු. මීගමුවේ නොනිදන පුරය වු පෙරියමුල්ලේ රාත්‍රි ආපනශාලවල ඇත්ත ප්‍රමිතිය සැමට දැනගන්නට ලැබුනේ ඒ එක් හෝටලයක  පිළියෙල කර තිබු ආහාර වේලක පණුවන් සිටිම හෙළිවිමත් සමගය.මෙවන් හෝටල්වල ප්‍රමිතිය ගැන මහජනයා දැනුවත් කිරිම වෙනුවෙන් සැකසු විශේෂ වැටසටහනේ තවමත්  ප්‍රසිද්ධ නොකරන්නේ මන්ද…?මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිළධාරි මහතෙක් පවසා සිටියේ ලබන ජනවාරි මාසයේදි මහජනයාට අදාල තොරතුරු ලබාදිමට කටයුතු සලසා ලන බවය.