මීගමුවේ MOH ලෙල්ලමේ PCR පරික්ෂණවල ආසාදිතයන් ගැන බොරු කියලා ?

0
116

NGB MOHමිගමුවේත රටේත් වැඩි කථාබහකට ලක්වු එකක් බවට පත්ව තිබුනේ මිගමුව පිටිපන මහලෙල්ලමේ  පසුගිය 23 වනදා  සිදුකරන්නට යෙදුන  PCR පරික්ෂණ පිළිබදවය.

මේ ප්‍රථිපල පැමිණිමට සතියකට ආසන්න කාලයක් ගොස් තිබුන අතර ඒ ප්‍රථිපල පැමිණි විගස මිගමුව නගරාධිපති දයාන් ලංසා සිය ෆේස් බුක් පිටුව තුලින් breaking news එකක් ලෙසින් 225 ක් වු  PCR පරික්ෂණ වලින් ආසාදිතයන් 50 දෙනෙකු සිටින බව කියා සිටියේය.
වැඩිදුරටත් ඔහු විසින් මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාවද යොදාගෙන විඩියෝ පටයක් ද මුදා හැර තිබුණි.

එකි විඩියෝ පටයේදි මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා බරපතල වැරැද්දක් කර තිබේ. එනම් ඔහු සිය විඩියෝ පටයෙන් කියා තිබුනේ ආසාදිතයන් 50 දෙනාගෙන් 40 ක් ම පිටිපන ප්‍රදේශයනේ වාර්ථා වි ඇති බවය.

එය ඉතා පැහැදිලි මුසාවකි

දේශපාලකයන්ගේ ඉල්ලිමට කඩිමුඩියේ වොයිස් කට් දිමට  ගොස් යළිත් වරක් මිගමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිළධාරින් ඇනගෙන තිබේ.
ඇත්තටම මේ  ආසාදිතයන් 50 දෙනොගේ සම්පුර්ණ ලේඛනය සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය විය.
මේ ගැන අදහස් දක්වා සිටින පිටිපන ප්‍රජා නායකයෙකු කියා සිටියේ සැබැවින්ම පිටිපන ප්‍රදේශයෙන් වාර්ථා වි ඇත්තේ ආසාදිතයන් 7 දෙනෙකු පමණක් බවය.
ඉන් 4 දෙනෙකු උතුරු පිටිපනින් වන අතර මැද පිටිපනින් 01 අයෙකුද දකුණු පිටිපනින් 02 දෙනෙකුද වාර්ථා වන ඔහු සදහන් කර සිටියේය
මුලු තලාහේන පේරුවෙන්ම වාර්ථා වි ඇත්තේ ආසාදිතයන් 24 කි.

තතු මෙසේව තිබියදි පිටිපන ගමෙන් ආසාදිතයන් 40 ක් සිටින බව කීම දැවැන්ත මුසාවකි. ඒ නිසාම පිටිපන ගම්වැසියන් පත්වන අසරණ භාවය තේරුම්ගැනිමට මේ උගත් වෛද්‍යවරයාට ඇතැයි අප සිතමු

මේ පිළිබද ඔහුගේ ප්‍රතිචාරය දැන ගැනිම සදහා කිප විටක්ම ඔහුව දුරකතනයෙන් සම්බන්ධ කරගැනිමට උත්සාහ කළද එය අසාර්ථක විය

ඔහු විසින් ඉතාමත් ප්‍රසිද්ධියේ කර ඇති මේ වැරැද්ද යළිත් වරක් ඔහු විසින් වරද පිළිගෙන නිවරදි කළ යුතුව ඇතැයි පිටිපන ධිවර ප්‍රජානායකන් විසින් ඉල්ලා සිටිති.
අප ඒ ප්‍රතිචාරය යළිත් වරක් මෙහි පළකිරිමටද බලා සිටිමු

මීගමුවේ MOH මේ බොරු කියන්නේ ඇයි ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here