මීගමුවේ T.O මාෆියාව

0
256

මීගමුවේ ටී.ඕ ලා අද ප්‍රධාන කටයුත්ත වි ඇත්තේ තමන්ගේ අදාල සේවාමය දායකත්වය මීගමුවේ ජනතාව වෙනුවෙන් සපයනවා වෙනුවට තමන්ගේ පවුල ගොඩ දාගන්නට සල්ලි හම්බකරගැනිමය.

මේ නිසා වැඩ පරක්කු කිරිම සාමාන්‍ය පුරුද්ද කරගෙන ඇත්තේ එය ඉක්මන් කරන්නට නම් තමන්ට ගානක් දිය යුතු බවය.තමන්ගේ සේවය වෙනුවෙන් පඩි ලබන මේ නිළධාරින් මේ සෙල්ලම් කරන්නේ මහජනයාගේ ජිවිත සමගින්ය.

කුඩාපාඩුවේ පිටර් මෙන්ඩිස් මාවතේ කාණුවක් කැඩිම හේතුවෙන් එහි එක්රැස්වන කුණු රොඩු සහ ජලය හේතුෙවන් සෞඛ්‍ය ගැටළු ගණනාවක් මතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මන්ත්‍රිවරයෙක් වන වෛද්‍ය හෙන්රි මහතා අවස්ථා ගණනාවකදි පැමිණිලි කර තිබුනද ඒ ප්‍රදේශය භාරව සිටින බණ්ඩාර නම් වු තාක්ෂණික නිළධාරියා මේ පිළිසකර කිරිම මගහරිමින් සිටි.

බණ්ඩාර යනු මීගමුෙව් TO  මාෆියාවේ ගොඩ් පාදර්ය.

දැන් ඔහුගේ අඩි පාරේ යන තවත් ටී.ඕ වෙනත් ආයතනවලද සිටින බව දැනගන්නට ඇත.

මීගමුව මාර්ග සංවර්ධන අධිකාරියේ එක්තරා තාක්ෂණික නිළධාරියෙකුට එහි ඉජිනේරුවරිය විසින් තමන්ට ලැබුණ පැමිණිල්ලක් විමර්ශනය කර බලන ලෙසින් ඉල්ලා සිටි අවස්ථාෙව් ඔහු කර තිබුෙන් අදාල පැමිණිල්ල නිසි ලෙසින් විමර්ශනය කරනු වෙනුවට පැමිණිලි පාර්ශයවයට චණ්ඩි පාට් දැමිමය.

මීගමුවේ දේශපාලකයන්ගේ සුරතලුන් බවට පත්ව ඇති මේ බහුතරයක් නිළධාරින් අද හැසිෙරන්නේ මීගමුව යනු තමන්ගේ ජිවිත කාලයටම එක් වරක් ලැබුන ඉල්ලමක් සේ සලකාය.දේශපාලකයන් කෝටි ගණනින් කොමිස් වැඩ වල නියැලෙද්දි ඔවුන් ට බැලමෙහෙකම් කරන මේ නිළධාරින් සියළු නිතිවිරෝධි වැඩවල යෙදෙන්නේ තමන්ගේ පාදඩ හාම්පුතා තමන්ට අනතුරක් වෙන්නට නොදෙන බව දන්නා නිසාය.

නිදසුනක් ලෙසින් මීගමු මහනගර සභාවේ ටී.ඕ බණ්ඩාර නිමල් ලංසා ඇමති වරයාගේ  කොන්ක්‍රිට් පාරවල් ව්‍යාපෘතිය වෙනවෙන් ත්‍රිකුණාමලයේ පාරවල් මනින්නේ මේ අශුද්ධ ගණදෙනුවල ප්‍රථිපල ලෙසනි.

පාදඩකරණය වු දේශපාලනය ඔස්සේ අද පරිපාලන අධිකාරිය දක්වාද මේ පාදඩකරණය මීගමුව තුල කාන්දු වන්නට පටන්ගෙනය.