මීගමුවේ T.O ලා සුපිරි කාර් ගන්නේ මෙහෙමයි.

0
73

මීගමුව නගරයේ ගොඩනැගිලි ඉදිකිරිම් කටයුතු වලදි ආදල අනුමැතියන් ලබාගැනිමට යාමේදි විවිධ අපහසුතා වලට ලක්වන බවට පැමිණිලි රැසැක් වාර්ථා වෙමින් තිබේ.මේ බොහොමයක් පැමිණිලිවල පසුබිමේ ඇති මුලික කරුණ බවට පත්ව ඇත්ෙත් මීගමුව මහනගර සභාවේ  තාක්ෂණික නිළධාරින් සිය වෘත්තිය වෙනුවෙන් ලැබෙන නිත්‍යාණුකූල වැටුපට අමතරව ගොඩනැගිලි ු අනුමත කිරිම සිය අමතර අදායම් මාර්ගයක් බවට පත් කරගෙන තිබිමයි.

මේ හේතවෙන් සියළු නිත්‍යාණුකූල පියවරයන් සපුරා තිබුනද ආදාල ගොඩනැගිලි අනුමත කිරිම අනශ්‍ය ලෙසින් පමා කරමින් දෙනු ලබන සංඥාාව  වි ඇත්ෙත් තමන්ගේ ගතමනාව ගැන සලකා බලන ලෙසය.

මෙයට අමතුරව මීගමුවේ නගර මධ්‍යයේ ඇති ඇතැම් ගොඩනැගිලි සදහා විශාල මුදලක් අයථා ලෙසින් ගෙන සියළු නාගරික ඉදිකිරිම් කොන්දේසි උල්ලංඝනය කරමින් ඒවාට අවසර ලබාදිම ද සිදු කර තිබේ.

මීගමුව රහිමියා හෝටලයේ ඉදිකිරිම් අරභයා මීගමුව මහනගර සභාවේ නිළධාරින්ගේ සිට දේශපාලන අධිකාරිය දැවැන්ත මාපියා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.

.නගරයේ ඉදිකිරිමක් සිදු කිරිමේදි එය විථි රේඛා නිතියට යටත් විය යුතුය.එනම් පාරේ මධ්‍ය ලක්ෂයේ  සිට අඩි 40 ක් දුරක් අදාල ගොඩනැගිල්ලට තිබිය යුතුය.නිතියටම අනුව මේ කටයුත්ත කිරිමට ගියේ නම් රහිමියා හිමිකරුට සිදුවන්නේ තමන්ගේ   හෝටලය කුඩා කරගන්නටය.

එහෙත් මේ ඉඩ ලබාදිම සදහා මීගමුවේ දේශපාලන අධිකාරයේ විශේෂ මෙහෙයුමක් දියත් කළේය.මේ  යටතේ රේල් පාර  අසල වු කොට්ටන් ගස් සියල්ල කපා දමා වැඩි ඉඩක් ගෙන රහිමියා හෝටලය ඉදිරිපිට පාරේ කොටස පමණක් පළල් කර තිබේ.මෙසේ සිදුකිරිම තුලින් රහිමියා  හෝටලයට අවශ්‍ය ඉඩ ලබා දි තිබේ.මේ හේතුවෙන් පර්චස් 12 ක පමණ  ඉඩමකට හිමිකම් කි රහිමියා හෝටලයේ හිමිකරුට අඩි 15 ක් පමණ තමාගේ ගොඩනැගිල්ල ඉදිරියට ගෙන ඒමට තරම් ඔහු වාසනාවන්ත විය.

2004 සහ 2007 යන වසරේ දෙකේ මේ ගොඩනැගිල්ල වෙනුවෙන් ගොඩනැගිලි අයදුම්පත් 2 කක් ඉදිරිපත්ව තිබු අතර එහිදි හොටලයේ හිමි කරැට අවශ්‍ය පරිදෙනන් අදාල සියළු වෙනස්කරම් කරදෙන්න ට තරම් කාරුණියව වි තිබෙඉුනේ මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිලධාරි රන්මුතු මහතාය.

නගර සභාවට හා රජයට අයත් දේපල මුදලාලිලා සතු කරදිමේ නොනින් අශාවෙන් පෙලෙන මීගමුවේ නිළධාරින් අතර අංක එකට දැන් පැමිණ සිටින්නේ ඔහුය.

මේ වෙනුවෙන් වරක් ඔහු අධිකරණයේද  විවේචනයට බදුන් විය. ඒ  සි.අයි.බි.  ගොඩනැගි්ල්ලට එහා පැත්තෙන් දිවෙන ඇල මාර්ගයේ  රක්ෂිතය පවා දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරන්නට අවසර ලබාදිම සම්බන්ධයෙනි.